පශ්චාත් සීමාවාසික පත්වීම් ඇතුලු කරුණු හතක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය තුන්වෙනි දිනටත් ක්‍රියාත්මක වෙනවා. වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
කොහොම වුණත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ තමන් මේ පත්වීම්වලට මැදිහත් වී ඇති බව ඔප්පු කළොත් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය හේතුවෙන් අදත් උදෑසන රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්වන ආකාරය දක්නට ලැබුණා.
තම ඉල්ලීම්වලට නිසි විසදුම් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
කිසිදු නීත්‍යානුකූල පදනමක් නැති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මෙවැනි වැඩ වර්ජනයක් සිදු කරන්න අයිතියක් නැති බව එම සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අවධාරණය කරනවා.
මේ අතර රසායනික පොහොර ගෙන්වීමට අදාළ කොමිස් ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය පවසන්නේ.
ඉල්ලීම් හතරක් තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කළ බවත් මෙතෙක් තමන් වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද සතුටු වන බවත් වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.
The post GMOA චෝදනාව ඔප්පු කළොත් අස් වෙනවා – ඇමති කෙහෙළිය කියයි appeared first on ITN News.
Post a Comment