හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 21 වනදා කැඳවන ලෙස කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළා. 2015 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැදුම්කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩකළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.
මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විත්තිකරුවන් මීට පෙර මූලික විරෝධතා ගොනුකර තිබුණා. නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කළා. විත්තිකරුවන්ගේ පැහැදිලි කිරීම් මීළග දින ඉදිරිපත් කරන ලෙස නියම කළ අධිකරණය නඩුව ලබන 21 වනදා කැදවන ලෙස ද නියම කළා.
The post අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි නඩුව ලබන 21 වනදා කැඳවන ලෙස නියෝග appeared first on ITN News.
Post a Comment