‘ගෝලීය සංවර්ධනය–පොදු මෙහෙවර හා ක්‍රියා වටිනාකම’ මැයෙන් පැවැත්වෙන වියතුන්ගේ මාධ්‍ය සාකච්ඡාවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.
ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන පරිදි, වර්තමානයේ ලෝක ව්‍යුහය වෙනස් වෙමින් පවතින අතර වසංගතය ද පැතිර යමින් පවතී. එසේම, ගෝලීය ආර්ථික පුනර්ජීවනය පිරිහෙමින්
පවතින අතර දකුණු-උතුරු සංවර්ධන පරතරය තව තවත් පුළුල් වී ඇත. ලෝකය නොසන්සුන් හා ප්‍රතිසංස්කරණ යුගයකට පිවිසීමත් සමගම ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය, මානවයා මුහුණ පා ඇති
දැවැන්ත ප්‍රශ්නයක් වී තිබේ. චීනය ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරිපත් කළේ එවන් පසුබිමක් යටතේය. විවිධ රටවල් සමග එක්ව, ජනතාව කේන්ද්‍ර කොටගෙන, සහයෝගතා, පොදු වාසි , නිපැයුම්වලින්
අභිප්‍රායනය, මානවයන් හා ස්වභාව ධර්මය අතර සුසංගත සහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමෙහි නිරත වීමට චීනය කැමතිය. එමෙන්ම සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දී, එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ
සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරමින්, වඩාත් බලවත්, හරිත හා විධිමත් ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනයට චීනය සූදානම් බව ද ජනාධිපතිවරයා පැවසීය.
‘ගෝලීය සංවර්ධනය–පොදු මෙහෙවර හා ක්‍රියා වටිනාකම’ මැයෙන්වියතුන්ගේ මාධ්‍ය සංවාදය ඊයේ (4) බෙයිජිංහිදී පැවැත්විණ. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්, චීන සමාජ විද්‍යා ඇකඩමිය, රාජ්‍ය මණ්ඩලයේ සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය හා චීන මාධ්‍ය සමූහය ඒකාබද්ධව එය පවත්වන ලදී.
The post ගෝලීය සංවර්ධනය පිළිබඳ වියතුන්ගේ මාධ්‍ය සංවාදයට චීන ජනපතිගෙන් සුබ පැතුම් appeared first on ITN News.
Post a Comment