රුසියාවට අයත් ධාන්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් තුර්කිය භාරයට ගෙන තිබෙනවා.
යුක්රේනයේ රුසියා පාලනය බලය සහිත කලු මුහුද ආශ්රිත ප්‍රදේශයකින් මෙම නෞකාව පිටත් වී ඇති බවයි තුර්කියේ යුක්රේන තානාපතිවරයා සදහන් කරන්නේ. තුර්කි වරායට ඇතුළු වීම සදහා පැමිණීමේ දී රේගු නිලධාරීන් මෙම නෞකාව තම භාරයට ගෙන තිබෙනවා. රුසියා ධජය සහිත නෞකා සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවයි තුර්කි බලධාරීන් සදහන් කරන්නේ. ධාන්‍ය ටොන් හත් දහසක් පමණ එම නෞකාවෙන් රැගෙන යමින් පැවති බවයි රුසියා බලධාරීන් සදහන් කරන්නේ. යුක්රේනයට අයත් ප්‍රදේශයන්ගෙන් ධාන්‍ය සොරකම් කිරීම පිළිබද තමන්ට එල්ල වන චෝදනා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව රුසියාව තව දුරටත් සදහන් කරනවා.
The post රුසියාවට අයත් ධාන්‍ය ප්‍රවාහන නෞකාවක් තුර්කි රේගු භාරයට appeared first on ITN News.
Post a Comment