ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවධ්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ගොනුකළ මේ වනවිට අවසන්ව ඇති නඩුවේ අධිකරණය භාරයේ ඇති ලේඛන යළි ඉදිරිපත් කිරීමේ කොන්දේසියකට යටත්ව මුදාහරිණ ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
නඩුව අද කැදවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියාසිටියේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ලේඛන ගණනාවක් සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. කොන්දේසිවලට යටත්ව එම ලේඛන මුදාහරින ලෙස කළ ඉල්ලීමට අනුවයි අධිකරණය මෙම අවසරය ලබාදුන්නේ.
The post ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ නඩුවේ ලේඛන මුදාහැරීමට නියෝග appeared first on ITN News.
Post a Comment