කැබිතිගොල්ලෑවේදී කලහකාරීව හැසිරුනු පිරිසක් එල්ල කළ ප්රහාරයකින් පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත් වුණා. වන අලියෙකු පරහදීමෙන් පුද්ගලයෙකු මිය යාමෙන් පසු මාර්ගය හරස් කර විරෝධතාවක නිරත වූ පිරිසකුයි මෙම ප්රහාරය එල්ල කර ඇත්තේ
තත්ත්වය පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබූ අතර ප්රහාරය සම්බන්ධයෙන් මේ වනවිට 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැබිතිගොල්ලෑව රබකැපුවැව ප්රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් ඊයේ සවස 7.20 ට පමණ 50 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කැබතිගොල්ලෑව පදවිය ප්රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළා. සිද්ධිය වාර්තාවීමත් සමග කැබතිගොල්ලෑව මූලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක චමිල රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියා. එහිදී කලහකාරීව හැසිරුණ විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල්වලින් පහර දුන් බවයි පොලීසිය පවසන්නේ. එහිදී දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බවත් පොලීසිය තත්ත්වය පාලනය කිරීම සදහා අහසට වෙඩි තැබූ බවයි වාර්තා වුණේ. මෙහිදී විරෝධාකරුවන්ගේ පහරදීමකට ලක් වූ පොලිස් සැරයන්වරයකු බරපතල තුවාල ලබා කැබතිගොල්ලෑව රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත වැඩිදුර ප්රතිකාර සදහා මාරු කර යැවීමටයි කටයුතු කෙරුණේ. එහෙත් ඒ අතරතුර පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වුණා. ඔහු වාරියපොල මල්වාන ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි ඒ.පී සුනිල් නැමැති දෙදරු පියෙක්. ප්රහාරය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක, 50 හැවිරිදි කාන්තාවක් ඇතුළු 15 දෙනෙකු කැබතිගොල්ලෑව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස කැබතිගොල්ලෑව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත්කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.
මේ අතර වන අලි ප්රහාරයෙන් මිය ගිය පුද්ගලයා ජිවත් වු ගම්මානයේ ජනතාව පවසන්නේ වන අලි තර්ජන සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කල ද ඔවුන් ඊට නිසි පියවර ගැනීමට කටයුතු කර නැති බවයි.
The post කැබිතිගොල්ලෑව සිද්ධියට 15 ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment