ඊශ්‍රාලයේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් දැනට නිකුත්වී ඇති ප්‍රතිඵල අනුව හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
වසර 12ක පාලන කාලයකින් පසු බෙන්ජමින් නෙතන්යාහු පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් පරාජයට පත්වුණා. වැඩිම කාලයක් ඊශ්‍රාලයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබ වු පුද්ගලයා සෙයි බෙන්ජමින් නෙතන්යාහු සැලකෙන්නේ.
දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඔහුගේ ප්රතීවාදින්ට වඩා ඉතා සුලු ආසන සංඛ්‍යාවකින් පසුවන බව එරට මාධ්‍ය සඳහන් කරනවා.
මැතිවරණයෙන් ඔහු ජයාග්‍රහණය කලහොත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ 6වන වරටයි. කෙසේ වුවද නෙතන්යාහුට එල්ල වී ඇති අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් එරට අධිකරණයෙන් මේ වන විටත් නඩු විභාග වනවා.
The post ඊශ්‍රාල මහ මැතිවරණයෙන් දැනට හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් ඉදිරියෙන් appeared first on ITN News.
Post a Comment