හැලොවීන් සැමරුමක් අතරතුර දකුණු කොරියාවේ ඊටේවන්හිදි තෙරපීමක් ඇති විමට පැය කිහිපයකට පෙර ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.
දකුණු කොරියාවේ සොල් අගනුවර ඊටේවන් හි පැවති හැලොවීන් සැමරුමක් අතරතුර ඇති වු තෙරපීමකින් පසුගිය දා පුද්ගලයින් 154ක් දෙනෙකු ජිවිතක්ෂයට පත් වුනා. එහිදී තවත් පුද්ගලයින් 133 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂනයක් ආරම්භ කල අතර මේ වන විට හෙලි වී ඇත්තේ තෙරපීම ඇතිවීමට පැය කිහිපයකට පෙර ඒ සම්බන්ධයෙන් ජනතාව පොලිසිය දැනුවත් කර ඇති බවයි. එහෙත් ඔවුන් අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැති බව මෙහිදි අනාවරණය වී තිබෙනවා.
පැය 03ක කාලයක් ඇතුල අනතුරක් සිදු විය හැකි බවට දුරකතන ඇමතුම් 10ක් පමන කොරියා හදිසි දුරකතන අංකයට ලැබි ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද පිරිස පාලනය කර ගැනීමට නොහැකි වීම හා අනතුර සිදු වීම සම්බන්ධයෙන් පොලිසිය කණගාටුව ප්‍රකාශ කරනවා.
The post දකුණු කොරියාවේ තෙරපීම සම්බන්ධයෙන් නවතම අනාවරණය appeared first on ITN News.
Post a Comment