අත්අඩංගුවට ගැනුණු බොරැල්ලේ සිරි සුමන ස්වාමීන් වහන්සේ ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෝටි ගණනින් මුදල් වංචා කළ තිළිණි ප්රියමාලි සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරික්ෂණවලදී හෙළි වූ කරුණු මතයි බොරැල්ලේ සිරිසුමන ස්වමීන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවේ.
උන්වහන්සේ කොටුව මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. එහිදී සිරිසුමන ස්වාමීන්වහන්සේ ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කලේ.
The post බොරැල්ලේ සිරි සුමන හිමි ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment