ඉතියෝපියාවේ යුද ගැටුම් නැවැත්වීම සදහා සාම ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.
ඉතියෝපියාවේ දීර්ඝ කාලයක් පවතින සිවිල් යුද ගැටුම් අවසන් කිරීම සදහා මෙම සාම ගිවිසුම ඉතියෝපියා රජය සහ ටිග්රේ සටන්කරුවන් අතර අත්සන් තබා තිබෙනවා. ඒ අනුව යුද්ධයේ බලපෑමට ලක් වූ ජනතාව වෙත අඛණ්ඩව මානුෂීය ආධාර සැපයීමට හැකිවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ගැටුම් පවතින උතුරු දිග ටිග්රේ ප්‍රදේශයේ ජනතාව දැඩි ආහාර අර්බුදයකට ලක්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයද නිවේදනය කළා.
The post ඉතියෝපියාවේ යුද ගැටුම් නැවැත්වීම සඳහා සාම ගිවිසුමක් appeared first on ITN News.
Post a Comment