ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් පී.627 ගැඹුරු මුහුදු ආවේෂක්ණ නෞකාව කොළඹ වරායට සේන්දු වුණා.
පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම සදහා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ හා වර්ධනය කිරීමේ අරමුණ ඇතිවයි ඇමෙරිකා වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙම නෞකාව ලබා දුන්නේ.
ඩග්ලස් මුන්රෝ නැමැති මෙම නෞකාව නාවික හමුදාව නිලවශයෙන් භාරගැනීම සිදු වූයේ පසුගිය වසරේ ඔක්තොබර් 26 වනදායි. එදින සිට පී 627 ධජ අංකය යටතේ මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වුණා.
එම නෞකාව දිගින් මීටර් 115 ක් වන අතර උපරිම වේගය පැයකට නාවික සැතපුම් 29 ක්.මාස 10 ක කාලයක් නෞකාව සම්බන්ධ පුහුණු කටයුතු මෙන්ම නෞකාව මෙරට නාවික මෙහෙයුම්වලට ගැලපෙන අයුරින් නවීකරණය කිරීමෙන් පසුවයි මෙසේ කොළඹ වරාය බලා පැමිණියේ.
කොළඹ වරායට සේන්දු වූ නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිලිගැනුණු අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතායි.
ශ්‍රී ලංකාව් ඇමෙරිකා තානාපති ජුලි චන්ක්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වීශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්වීම් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
The post ඇමරිකාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදුන් ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව කොළඹට appeared first on ITN News.
Post a Comment