Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙවර මහ කන්නයේ දී වී වගාවට කාබනික පොහොර සැපයීම සම්බන්ධව දැඩි තීන්දු  

Add comments

මෙවර මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර සැපයීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා දැඩි තීන්දු කීපයක් ගෙන තිබෙනවා.

මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර සපයීමේ දී තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයීමට පියවර නොගන්නා ලෙසයි අමාත්‍යවරයා අදාළ සමාගම් වෙත දැනුම් දී ඇත්තේ. යම් ආකාරයකින් සමාගමක් තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයීම සිදුකළ හොත් එම සමාගම අසාදු ලේඛන ගත කිරීමටත් ඔවුන්ට කිසිදු ගෙවීමක් සිදු නොකිරීමටත් පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. ඒ කාබනික පොහොර නිෂ්පාදන සමාගම් කැඳවා මහ කන්නයේ කබනික පොහොර සැපයීමේ වැඩපිළිවෙළ පිළිබදව පැවති සාකච්ඡාවේදීයි. කාබනික පොහොරවල ගුණාත්මකභාවය තහවුරු කිරීමට සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් කමිටු පත්කෙරෙනු ඇති. ඊට ගොවි නියෝජිතයින් ද ඇතුළත් වනවා. සෑම පොහොර වර්ගයකම සාම්පල පරීක්ෂාව ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් සිදුකළ යුතුයි. කාබනික පොහොර මිලදී ගැනීමේ දී සියයට 50 ක සහනාධාරයක් හෙවත් අවම වශයෙන් රුපියල් 20,000 ක මුදලක් රජය මගින් සහනාධාරයක් ලෙස ගොවි ජනතාවට ලබාදීමට නියමිත බවයි මෙම සාකච්ඡාවේ දී හෙළිවුණේ. මහ කන්නයේ වී වගාවේදී සියයට 30 ක් කාබනික පොහොර ද සියයට 70 ක් රසායනික පොහොර ද යොදා ගැනීමටයි නිර්දේශ වී ඇත්තේ. ඒ අනුව මෙවර මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 150,000 ක් අවශ්‍ය වනවා.

 

 

The post මෙවර මහ කන්නයේ දී වී වගාවට කාබනික පොහොර සැපයීම සම්බන්ධව දැඩි තීන්දු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG