රුසියාව නිෂ්පාදනය කරන ඛණිජතෙල් සදහා මිල සීමාවක් නියම කිරීමට ජී 7 කණ්ඩායම හා ඊට හිතවාදී රටවල් තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජී 7 කණ්ඩායම සදහන් කරන්නේ මේ මස 5 වන දින සිට මෙම නව මිල ක්රියාත්මක බවයි. යුරෝපා සංගමය ද රුසියා ඛණිජතෙල් සම්බන්ධයෙන් මිල සීමාවක් මීට පෙර නියම කළා.
ඇමෙරිකා ඩොලර් 60 කට වැඩි මුදලක් ඛණිජතෙල් බැරලයකට ගෙවීමට නොහැකි වන පරිදි රුසියා තෙල් සදහා සීමා පැනවීමටයි යුරෝපීය රටවල් කටයුතු කර තිබුණේ.
The post රුසියාව නිෂ්පාදනය කරන ඛණිජතෙල් සඳහා මිල සීමාවක් appeared first on ITN News.
Post a Comment