Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Feb 28

හොංකොං රාජ්‍යය මුඛ ආවරණ නීති ඉවත් කරයි  

0 comments

මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීති ඉවත් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන තිබෙනවා. කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් පනවා තිබු නීති දින 945 කට පසුව අද දිනයේ සිට ඉවත් කිරීමට හොංකොං රාජ්‍යය තීරණය කළා. නව වයිරස ආසාදිතයින් වාර්තාවීම පාලනය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 2020 වසරේ ජුලි මාසයේදී මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරමින් නීති පැන වූ අතර මුඛ ආවරණ භාවිත නොකරන පුද්ගලයින්ට...
Read More »

Feb 28

උතුරු දිග ග්‍රීසියේ දුම්රිය අනතුරකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

උතුරු දිග ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ ග්‍රීසියේ ලැරීසා නගර ආසන්නයේ සිදු වු අනතුරක් සමඟ ගින්නක්ද හට ගත්තා. මගීන් 350ක් පමණ රැගත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියකයි ගැටී තිබුණේ. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 17ක් එම ස්ථානයට පැමිණ තිබුණා. මෙම දුම්රිය ගිනි ගනිමින් දැවෙන දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය ද විකාශය කළා. දුම්රිය ගැටීමට හේතුව පිළිබඳ විමර්ශන මේ වන විට සිදු...
Read More »

Feb 28

ඇමෙරිකාවේ ළමා ශ්‍රමය 70%කින් ඉහළ ගිහින් ! – ඇමෙරිකා රජයෙන් විශේෂ නිවේදනයක්  

0 comments

ළමුන් රැකියාවල යෙදවීම මැඬපැවැත්වීමට කටයුතු කරන බව ඇමෙරිකා රජය නිවේදනය කරනවා. බාල වයස්කාර සරණාගතයින් හා සංක්‍රමණිකයින් අනතුරුදායක කර්මාන්ත වල යොදවන බවට සඳහන් වාර්තාවක් එළිදැක්වීමත් සමඟයි බයිඩ්න් පරිපාලනය මෙම තීරණය ගෙන ඇත්තේ. නීති විරෝධි ලෙස බාල වයස්කාර සරණාගතයින් හා සංක්‍රමණිකයින් අනතුරුදායක කර්මාන්ත වල යෙදවීම සම්බන්ධයෙන් වාර්තා වීම් ඉහළයාමත් සමඟ ළමා ශ්‍රමය මැඩලීම ප්‍රකාශයට පත් කෙරුණා. 2018 වසරේ සිට ළමා ශ්‍රමය යොදා ගැනීම 70%කින්...
Read More »

Feb 28

චීනයේ හමුදා සීරුවෙන්  

0 comments

චීනය තම හමුදා සීරුවෙන් තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ චීන – තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ඇමෙරිකා යුද ගුවන් යානයක් පියාසර කිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ. ඇමෙරිකාව / තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් බව චීන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරනවා. චීනය ද එස්.යූ 27 යානයක් ගුවන්ගත කර ඇමෙරිකා යානාවේ ගමන්මග නිරීක්ෂණය කර තිබෙනවා. පසුගිය වසරේදී මේ ආකාරයෙන්ම ඇමෙරිකා යානාවක් මෙම කලාපය හරහා පියාසර කරවීමට ඇමෙරිකාව කටයුතු...
Read More »

Feb 27

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ඉතාලියේදී අනතුරට  

0 comments

ඉතාලියට සංක්‍රමණය වීමට උත්සහ කළ නීතිවිරෝධි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව සියය ඉක්ම විය හැකි බව සහන කණ්ඩායම් පවසනවා. මිය ගිය සරණාගතයින් 63 දෙනෙකුගේ සිරුරු මේ වන විට හමුව ඇති අතර මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් 12 දෙනෙකු ඇතුලත්. ඒ අතර මාස කිහිපයක් වයසැති බිළිදෙකු ද වනවා. බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ 150 දෙනෙකු පමණ එහි සිටි බවට සදහන් වුවද සහන කණ්ඩායම් පවසන්නේ 200කට අධික පිරිසක් එහි ගමන් කළ බවයි....
Read More »

Feb 27

ණය බරින් මිරිකුණු රටවලට ලෝක බැංකුවෙන් පොරොන්දුවක්  

0 comments

පීඩාවට පත් රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සහනයක් ලබාදීමට ලෝක බැංකුව පොරොන්දු වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා ඉන්දියාව චීනය සහ අනෙකුත් ණය දෙන රටවල් සමඟ පැවති රැස්වීමකදීයි ලෝක බැංකු සභාපතිවරයා මෙසේ පොරොන්දු වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. කෝවිඩ් 19 වසංගත තත්ත්වය හා යුක්රේන රුසියා යුද ගැටුම් හේතුවෙන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්වු ණය ලබාගත් බොහෝ රටවල් එම ණය ගෙවාගත නොහැකිව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. ලොව විශාලතම ද්වීපාර්ශ්වික...
Read More »

Feb 27

චීනයටත් භූමිකම්පනයක් !  

0 comments

චීනයේ භූමිකම්පා ජාල මධ්‍යස්ථානයට (CENC) අනුව අද උදෑසන 7:58 ට වයඹ දිග චීනයේ Xinjiang Uygur ස්වයං පාලන කලාපයේ Aksu – Wensu ප්‍රාන්තයේ රික්ටර් පරිමාණයේ 5.1 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. කිලෝමීටර් 10 ක ගැඹුරකින් යුත් මෙම කම්පනය උතුරු අක්ෂාංශ අංශක 41.87 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 79.85 ක් අතර නිරීක්ෂණය වූ බව CENC පවසයි. කම්පනයේ කේන්ද්‍රය අක්සු නගරයේ සිට කිලෝමීටර් 84 ක් දුරින් සහ ප්‍රාදේශීය අගනුවර වන උරුම්කි සිට කිලෝමීටර් 670 ක් දුරින්...
Read More »

Feb 26

කොරෝනා වයිරසයේ ආරම්භය : විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවක් !  

0 comments

කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවන්නට ඇත්තේ විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවකින් බවට ඇමෙරිකා බලශක්ති දෙපාරත්මේන්තුව තහවුරු කර තිබෙනවා. වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට විශේෂ වාර්තාවක් සපයමින් ඇමෙරිකා බලශක්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සතුන් මඟින් කොරෝනා වයිරසය හට ගන්නට ඇති බවට වු මතය මේ අනුව වෙන්ස වන බවයි. 2019 වසරේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර ගියා. මේ වන විට ලක්ෂ 70කට වැඩි පිරිසක්...
Read More »

Feb 26

බෝට්ටුවක් පෙරලෙයි – 59ක් මියයයි – මාස කිහිපයක් වයසැති සිඟිත්තෙකුත් ඒ අතර  

0 comments

ඉතාලියට සංක්‍රමණය වීමට උත්සහ කළ නීතිවිරෝධි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් 12 දෙනෙකු ඇතුලත් බවයි බිබිසී පුවත් සේවය සදහන් කරන්නේ. ඒ අතරට මාස කිහිපයක් වයසැති බිළිදෙකු ද ඇතුලත්. බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ 150 දෙනෙකු පමණ එහි සිටි බවයි වාර්තා වන්නේ. 80 දෙනෙකුගේ පමණ ජීවිත බේරා ගැනීමට හැකි වු බව සහන කණ්ඩායම් සඳහන් කරනවා. පුද්ගලයින් 30 දෙනෙකු...
Read More »

Feb 26

භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලි සම්බන්ධව තුර්කියෙන් විමර්ශනයක්  

0 comments

තුර්කි සිරියා භූ කම්පනය නිසා කඩා වැටුණු ගොඩනැගිලි සම්බන්ධයෙන් තුර්කිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නියමිත ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉදි කළ 600 දෙනෙකුට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තුර්කි රජය විමර්ෂණය කරමින් සිටින බව සදහන් වනවා. තුර්කි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ මේ වන විට ඉදි කිරීම් කොන්ත්‍රාත්කරුවන් සහ දේපළ හිමියන් ඇතුලුව 184 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ වන විට තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනය නිසා සිදු වු මරණ සංඛ්‍යාව...
Read More »

Feb 26

අඩි 99ක් පළල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයේ – නාසා ආයතනය අනතුරු අඟවයි  

0 comments

පෘථිවියට ආසන්නයෙන් ග්‍රාහකයක් ගමන් කරමින් තිබෙන බව නාසා ආයතනය පවසනවා. අද දිනයේ පෘථිවියට ආසන්නයේ අඩි 99ක් පළල ග්‍රාහකයක් ගමන් කරමින් තිබෙන බව නාසා ආයතනය අනතුරු අඟවනවා. මෙම ග්‍රාහකය 2023 CG1 වන් ලෙසයි නාසා ආයතනය නම් කර තිබෙන්නේ. මෙම ග්‍රාහකය පැයට කිලෝමීටර 23331ක වේගයකින් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බවයි සොයා ගෙන තිබෙන්නේ. මෙම ග්‍රාහකය ඇපලෝ ග්‍රාහක සමුහයට අයත් ග්‍රාහකයක් බවයි සඳහන් වන්නේ.           The post...
Read More »

Feb 25

යුක්රේනය වෙනුවෙන් සාමය ඉල්ලන හිතවතුන්  

0 comments

යුක්රේනයට සාමය ඉල්ලා ජර්මනියේ දහස් ගණනක් විරෝධතාවලට එක්ව තිබෙනවා ජර්මන් ආණ්ඩුව යුක්රේනයට යුද ආධාර ලබා දීමට විරුද්ධව බොහෝ විරෝධතාකරුවන් මෙහිදී වත්මන් රජයට දොස් නගා සිටියා. මේ අතර සාම සාකච්ඡා වහාම කැදවන ලෙසත් ඔවුන් ඉල්ලීම් කළා. බොහෝ විරෝධතාකරුවන් ඇමෙරිකාවට විරුද්ධව ද බොහෝ සටන් පාට පළ කළා. ජර්මන් පොලිසිය සදහන් කලේ මෙම රැළියට උද්ඝෝෂකයන් දහතුන් දහසක් පමණ එක් වු බවයි. කෙසේ වෙතත් මෙම රැළිය සංවිධාකයන් පැවසුවේ 50000ට වැඩි පිරිසක් මේ සදහා...
Read More »

Feb 25

පැපුවා නිව් ගිනියා රාජ්‍යයේ භූ කම්පනයක්  

0 comments

පැපුවා නිව් ගිනියා රාජ්‍යයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. රිච්ටර් පරිමාණ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුතුවයි මෙම භූ කම්පනය සිදුව ඇත්තේ. භූ කම්පනයේ අප කේන්ද්‍රය කිලෝමීටර 38.2ක් ගැඹුරෙන් ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ. භූ කම්පනය නිසා වූ හානි මෙතෙක් වාර්තා වී නැහැ. මේ අතර ජපානයේ හොකයිඩෝ නගරය ආසන්නව භූ කම්පනයක් ඊයේ රාත්‍රීයේ වාර්තා වුණා. රිච්ටර් පරිමාණ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් සිදු වු එම භූ කම්පනය නිසා සුනාමි අවධානමක්...
Read More »

Feb 25

ඇමරිකාවේ බිලියනපතියෙකු සියදිවි හානි කර ගනී  

0 comments

ඇමරිකාවේ බිලියනපතියෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. ඇමෙරිකාවේ බිලියනපතියෙකු වන තෝමස් ලී සියදිවි හානි කරගෙන තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස 78ක් වු බවයි පවසන්නේ. තෝමස් ලී ගේ සිරුර ඔහුගේ නිව්යොක් නගරයේ මෑන් හැටන්හි පිහිටි කර්යාලයේ දී සොයා ගෙන තිබෙනවා. ඇමෙරිකා පොලිසිය පවසන්නේ තෝමස් ලී වෙඩි වැදීම නිසා හිසේ ඇති වු තුවාල සහිතව ඔහුගේ කාර්යාලයෙන් සොයා ගත් බවයි. තෝමස් ලී ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් පමණ ගනුදෙනු වලට දායක වු ව්‍යාපාරිකයෙකු වනවා....
Read More »

Feb 25

නයිජීරියා ජනාධිපතිවරණය අදයි  

0 comments

නයිජීරියාවේ ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. නයිජීරියාව අප්‍රිකා මහද්වීපයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙසයි සැළකෙන්නේ. නයිජිරියා ජනාධිපතිවරණය සදහා වලංගු ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 93.4 ක් වනවා. මෙවර ජනාධිපතිවරණ සදහා අපේක්ෂකයන් 18 දෙනෙකු තරග වදිනවා. මෙවර ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයට අවාසිසහගත තත්ත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. වර්තමාන ජනාධිපතිවරයා තම මැතිවරණ පොරොන්දුව වන බොකෝහරාම් සංවිධානය මර්දනය කිරීමට අසමත්වීම ඊට ප්‍රධාන...
Read More »

Feb 24

සිරියාවේ ‘අයා’ට ලැබුණු අලුත් දෙමව්පියන්  

0 comments

පසුගියදා සිදු වූ ප්‍රබල භුමිකම්පාවෙන් සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට උපත ලබා සිටිය දී සොයාගනු ලැබූ බිළිඳිය ඇගේ නැන්දා සහ මාමා විසින් හදාවඩා ගැනීමට භාරගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙම අලුත උපන් බිළිඳිය දරුකමට හදාවඩා ගැනීම සඳහා දහස් ගණනක් දෙනා ඉදිරිපත් වුණා. බිළිඳිය මුදාගන්නා මොහොතේදීත් ඇගේ පෙකණි වැල හරහා ඇගේ මියගිය මවට සම්බන්ධවී සිටියා. අරාබි බසින් ‘ආශ්චර්යය’ යන අරුත දෙන ‘අයා’ නමින් බලධාරීන් ඇය මුලින් නම්කර තිබුණ ද, බිළිඳිය...
Read More »

Feb 24

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 50000 ක් බව තහවුරු වෙයි  

0 comments

තුර්කි සිරියා භූ කම්පනය නිසා මිය ගිය සංඛ්‍යාව  50000ක් බව තහවුරු කර තිබෙනවා. තුර්කි ආපදා කළමනාකරණ අංශ සිකුරාදා දිනයේ භූ කම්පනය නිසා තම රටේ මිය ගිය සංඛ්‍යාව 44218ක් බව නිවේදනය කළා. මේ අතර සිරියාව නිවේදනය කරේ සිරියාවේ මරණ සංඛ්‍යාව 5914ක් බවයි. තුර්කි භූ කම්පනය පසුගිය පෙබරවාරි 6වනදා සිදු වු අතර දින ගණනාවක් පුරා බේරා ගැනිමේ මෙහෙයුම් පැවතුණා. භූ කම්පනය නිසා දෙරටේම සිදු වු ගොඩනැගිලි වලට හා දේපළ වලට වු හානිය ගණනය කිරීමට නොහැකි තරම්...
Read More »

Feb 24

චීනයෙන් අමෙරිකාවට චෝදනාවක්  

0 comments

අමෙරිකාව සහ කැනඩාවට ඉහළ අහසේ පාවෙමින් තිබිය දී බිම හෙලූ චීන බැලුනය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. අමෙරිකාව අදාළ බැලුනයේ සුන්බුන් විශ්ලේෂනය ඇතුලු සියලු කටයුතු රහසිගත ආකාරයෙන් සිදුකරන බව චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින් එරට දෛනික මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබෙනවා. ඔත්තු බැලීම සඳහා චීනය විසින් මෙම වායු බැලුනය යොමුකර ඇති බවට චෝදනා...
Read More »

Feb 24

පකිස්ථානය සුඛෝපභෝගී ආනයන මත බදු ඉහළට  

0 comments

පකිස්ථානය සුඛෝපභෝගී ආනයන මත බදු ඉහළ දමා තිබෙනවා. පාකිස්ථානය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 6.5ක වාරිකයක් ඉල්ලා තිබෙනවා.  මේ හේතුවෙන් ආහාර හා ඖෂධ හැර අත්‍යවශ්‍ය නොවන ආනයන නවතා දැමීමට පකිස්ථානය කටයුතු කර තිබෙනවා. මේ හේතුවෙන් මෝටර් රථ සහ ගෘහ උපකරණ චොකලට් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සදහා වන බද්ධ ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් සදහා ජංගම දුරකතන හා අව්කණ්නාඩි සදහාත්, ...
Read More »

Feb 23

යුක්රේන – රුසියා යුද්ධයට අදට වසරයි  

0 comments

යුක්රේන – රුසියා යුද්ධයට වසරක් පිරෙන දිනය අදයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර තිබෙනවා. පසුගිය වසරේ පෙරවාරි 24 රුසියා යුක්රේන යුද්ධය ආරම්භ වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාව යුක්රේනයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කළ 04 වන අවස්ථාව මෙයයි. මෙහිදී එක්සත්ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් 141 ක් රුසියාව ආක්‍රමණය හෙළා දකිමින් ඡන්දය ලබා දුන්නා. ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල් 32 ක් ඡන්දය දීමෙන්...
Read More »

Feb 23

උතුරු කොරියාව දිගු දුර කෘස් මිසයිල 04 ක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව දිගු දුර කෘස් මිසයිල 04 ක් අත්හදාබලා තිබෙනවා. උතුරු කොරියාව කෘස් මිසයිල අත්හදා බැලීම සිදු කර ඇත්තේ සාර්ථක ලෙස න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට මුහුණදීමේ  පෙරහුරුවක් වශයෙනුයි. උතුරු කොරියාව පළමුවරට කෘස් මිසයිල නිෂ්පාදනය කළේ 2021 වසරේයි. මෙවර අත්හදා බැලු කෘස් මිසයිල කිලෝමීටර් 2000 ක් පමණ දුර ගමන් කළ හැකි ඒවා බවයි වාර්තා වන්නේ. මේ අතර මේ දිනවල දකුණු කොරියාව සහ ඇමෙරිකාව සිදු කරන ඒකාබද්ධ යුද පෙරහුරුවට අනතුරු ඇගවීමක් ලෙස...
Read More »

Feb 23

ගැබිණි මව්වරුන් මිය යාම ඉහළට – WHO  

0 comments

ගර්භණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී සෑම මිනිත්තු දෙකකට වරක් කාන්තාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නවතම දත්ත මඟින් පෙන්නුම් කරන්නේ, 2016 සිට මාතෘ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කිරීමට කටයුතු කර ඇත්තේ ලෝකයේ රටවල් ස්වල්පයක් බවයි. 2000 සිට 2015 දක්වා කාලය තුළ මාතෘ මරණ අවම කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් ඇති වුවද, එය 2016 සිට 2020 දක්වා වූ වසර පහ තුළ එය ඇණහිට තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය සේවාවක්...
Read More »

Feb 23

කියුබාවේ අක්කර 400ක් ලැව් ගින්නෙන් අළු වෙයි  

0 comments

ලැව් ගිනි හේතුවෙන් නැගෙනහිර කියුබාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගිය සති අන්තයේ දී ආරම්භ වු ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර 400කට ආසන්න වන භුමි ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි කියුබා රාජ්‍ය මාධ්‍ය සදහන් කරන්නේ. ලැව් ගිනි පාලනය කිරිම සඳහා ගිනි නිවන භටයින් සිය ගණනක් සේවයට කැඳවා තිබෙනවා. අධික සුළං හා වියළි කාලගුණය හේතුවෙන් ලැව් ගිණි සිඝ්‍රයෙන් පැති යාම පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා...
Read More »

Feb 22

ඊශ්‍රාල ප්‍රහාර කිහිපයකින් පලස්තීන ජාතකයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඊශ්‍රාලයේ එල්ල කළ ප්‍රහාර කිහිපයකින් පලස්තීන ජාතකයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රාල හමුදා ගසාතීරයේ බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකදී එල්ල කළ ප්‍රහාර කිහිපයෙකිනුයි වයෝවෘද්ධ පුද්ගලයෙකු ඇතුළු 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ. ගසාතීරයේ බටහිර ඉවුරේ නබ්ලස් ප්‍ර දේශයේ දීයි සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රාල හමුදා ප්‍රකාශ කරන්නේ. ඊශ්‍රාල හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් සිය දෙනෙකු පමණ තුවාල ලබා...
Read More »

Feb 22

චීනයේ පතලක් කඩා වැටීමෙන් 53 දෙනෙකු අතුරුදන්  

0 comments

චීනයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් පනස් තුන් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. චීනයේ මොන්ගෝලියා කලාපයේ ගල් අගුරු පතලක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. අතුරුදන්වූවන් බේරා ගැනීම සදහා ඊයේ පස්වරුවේ සිටම මෙහෙයුම් ක්‍රියාත්මක වුවද පතලේ නායයාම් තත්ත්වය හේතුවෙන් ඊට බාධා එල්ල වී තිබෙනවා. ෂිං ජිං සමාගමට අයත් මෙම පතල විවෘත පතලක් ලෙසයි සැලකෙන්නේ. එය කඩා වැටීමෙන් පසු චීන ජනාධිපති ෂී ජිං පිං ගේ උපදෙස් මත මුදා ගැනීමේ කටයුතු සඳහා...
Read More »

Feb 22

ඉන්දියාවේ නායයාමකින් ජම්මු – ශ්‍රී නගර් අධිවේගී මාර්ගයට හානි  

0 comments

ඉන්දියාවේ රම්බාන් දිස්ත්‍රික්කයේ සිදුවූ නායයාමකින් ජම්මු – ශ්‍රී නගර් අධිවේගී මාර්ගයට හානි සිදුව තිබෙනවා. නායයාම හේතුවෙන් ජම්මු – ශ්‍රී නගර් අධිවේගී මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. අද අලුයම දෙකට පමණ මෙම නායයාම සිදුවූ බවයි පොලීසිය සඳහන් කරන්නේ. නායයාම හේතුවෙන් අධිවේගී මාර්ගයට වැටී තිබූ පස් ඉවත්කර ඇති අතර විශාල ගල් ඉවත් කිරීමට කාලය අවශ්‍ය බවයි පොලීසිය පෙන්වා දෙන්නේ. එමෙන්ම අධිවේගී මාර්ගයට හානි ...
Read More »

Feb 22

යුරෝපා කලාපයේ ගෙම්බන් වදවී යාමේ තර්ජනයක්  

0 comments

යුරෝපා කලාපයේ ආහාරයක් ලෙස ගෙම්බන් යොදාගැනීම හේතුවෙන් එම සතුන් වදවී යාමේ තර්ජනයකට මුහුණ දී සිටින බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. ගෙම්බන්ගේ පාද යොදා ගනිමින් පිළියෙළ කරන ආහාර සඳහා යුරෝපයේ දැඩි ඉල්ලුමක් පවතිනවා. 2010 / 2019 කාලය තුළදී පමණක් යුරෝපා සංගමයට අයත් රටවල් පමණක් ගෙම්බන්ගේ පාද කිලෝ මිලියන 40.7 ක් පමණ ආනයනය කර තිබෙනවා. ඒ සඳහා ගෙම්බන් බිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් මරාදමා ඇති බවයි අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ. ඉන්දුනීසියාව...
Read More »

Feb 21

උතුරු කොරියාව උග්‍ර ආහාර අර්බුදයක  

0 comments

උතුරු කොරියාව උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරනවා. ආහාර අර්බුදය උතුරු කොරියාවට නව අත්දැකීමක් නොවන අතර අයහපත් කාලගුණය, සම්බාධක හා දේශසීමා ගැටලු හේතුවෙන් එය උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ. ගැටලුවට විසඳුමක් ලබා ගැනීමේ අරමුණෙන් මෙම මස අග භාගයේදී උතුරු කොරියා ඉහළ පෙළේ නිලධාරීන් කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් සමාලෝචනයක් සිදු කිරිමටද නියමිතයි. ගොවි ගැටලු සම්බන්ධව ඉක්මන් තීරණ නොගතහොත් තත්ත්වය තවත් දරුණු...
Read More »

Feb 21

පුටින්ගෙන් බටහිර රටවලට දැඩි දෝෂාරෝපණයක්  

0 comments

ඇමෙරිකා ජනපති නේටෝවට ප්‍රශංසා කරද්දී රුසියා ජනපතිවරයාගෙන් බටහිර රටවලට දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ කියෙව් සංචාරය පිළිබඳ අදහස් දක්වමින් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මෙම දෝෂාරෝපණය එල්ල කළා. රුසියා යුක්රේන යුද්ධයේ වසරක සැමරුම සටහන් කරමින් අනිද්දා දිනයේදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු ලැබි ඇති මොහොතකයි ඇමෙරිකා ජනාධිපතිවරයා යුක්‍රේනයේ සංචාරයක නිරත වුණේ. ඔහු පෙන්වා දුන්නේ නේටෝ සංවිධානය යුක්‍රේන...
Read More »

Feb 21

රුසියාවට ආයුධ නොදෙන බව චීනය සහතික කරයි – යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී  

0 comments

බ්‍රසල්ස් හිදී පැවැත්වෙන යුරෝපා සංගමයේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේදී යුක්රේනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යුරෝපා සංගමයේ විදේශ කටයුතු අමාත්‍ය හමුවේ දී යුක්රේන යුද ගැටුම් හා රුසියාවට පැන වීමට නියමිත නව සම්පාදක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියාගේ මුලිකත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ඇෆ්ගනිස්ථානය / ඉරානය...
Read More »

Feb 21

චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු රුසියාවේ විශේෂ සංචාරයක  

0 comments

චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පෙලේ නිලධාරියෙකු වන වැන්ග් යී රුසියාවේ විශේෂ සංචාරයක නිරත වීමට සුදානම් වනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩින් ඊයේ දිනයේ දී යුක්රේනයේ විශේෂ සංචාරයක නිරත වීමත් සමගයි චීන –  රුසියා සබදතා ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම සංචාරය සිදු වන්නේ. සංචාරය අතරතුරදි යුක්රේන යුද මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව චීනය නිවේදනය කරනවා. වැන්ග් යී රුසියා ජනධිපති ව්ලැඩිමීර් පුටින් හමු වීමට ද නියමිතයි....
Read More »

Feb 20

ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ  

0 comments

ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් රටපුරා උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජය හදුන්වාදුන් කෙටුම්පතකට විරෝධය පළ කරමිනුයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. එම කෙටුම්පත හරහා අධිකරණයේ බලය දුර්වල වන බවට උද්ඝෝෂකයින් චෝදනා කරනවා. ඒ හරහා අධිකරණයේ ස්වාධීනත්වය බිද වැටෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අදාළ කෙටුම්පත අද ඊශ්‍රායල පාර්මේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 63ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 47ක් පමණයි. කෙසේ...
Read More »

Feb 20

තුර්කියට තවත් ප්‍රභල භූ කම්පනයක්  

0 comments

තුර්කියට තවත් භූකම්පනයක් ඇතිව තිබෙනවා.තුන් දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තුර්කියේ හටේ ප්‍රාන්තයට මෙය දැඩිව බලපා තිබෙනවා. ප්‍රධාන භූකම්පනයෙන් පසු ඇති වන පසුකම්පනයක් ලෙසයි  මෙම භූකම්පනයට හට ගෙන ඇත්තේ. එහි ප්‍රභලත්වය රිච්ටර් පරිමාන ඒකක හයයි දශම හතරක්. ඒ හේතුවෙන් පුද්ගලයන් 200 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා. රාත්‍රී 08.04 ටයි භූ කම්පනයට හට ගෙන ඇත්තේ. ඉන් පසුව තවත් සුලු කම්පනයක් ඇතිව තිබෙනවා. එහි ප්‍රභලත්වය රිච්ටර් පරිමාන...
Read More »

Feb 20

උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලයි  

0 comments

ඇමෙරිකාව,  දකුණු කොරියාව හා ජපානයේ අනතුරු ඇඟවීම් මධ්‍යයයේ උතුරු කොරියාව තවත් මිසයිල කිහිපයක් අත්හදා බලා තිබෙනවා. පසුගිය සෙනසුරාදා දිගුදුර අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් පසු උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. පළමු මිසයිල අත්හදා බැලීම සිදු කිරීමට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව දකුණු කොරියාව හා ජපානය එක්ව කලාපයේ යුද අභ්‍යාසයක්ද ආරම්භ කරනු ලැබූවා. කෙසේ වෙතත්...
Read More »

Feb 20

ගංවතුර හා නාය යෑම්වලින් බ්‍රසීලයේ 36 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ගංවතුර හා නාය යෑම්වලින් බ්‍රසීලයේ තිස් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා. බ්‍රසීලයේ සාවෝ පෝලෝ නුවරට බලපා ඇති අධික ගංවතුර හා නාය යෑම් හේතුවෙන් තවත් පුද්ගලයන් සිය ගණනක් අවතැන්ව ඇතැයි වාර්තා වනවා. ඊයේ දිනයේදී ද අධික වර්ෂාපතනයක් ඇතිව තිබෙනවා. බොහෝ ප්‍රදේශ ජලයෙන් යටව ඇති අතර ගස් කඩා වැටීම් ද බහුලව වාර්තා වනවා. වැඩිම බලපෑමක් සිදුව ඇති සාවෝ පෝලෝ නුවර කතෝලික ආගමික උත්සවයක් ද පැවැති අතර ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාපතනය මිලිමීටර 600ක් බවයි විදෙස්...
Read More »

Feb 20

තුර්කි භූ කම්පනයෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන්  

0 comments

තුර්කි භූ කම්පනයෙන් විපතට පත් පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබෙනවා. මේ අතර විපතට පත්වූවන්ට ආධාර ලබාදීමට ඇමෙරිකාව ඉදිරිපත් වුණා. තුර්කියේ සංචාරයක නිරත ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේ තුර්කියට ඇමෙරිකා ඩොලර් මිලියන සියයක මානුෂීය ආධාර ලබාදෙන බවයි. පසුගිය 6 වනදා භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ලවූ කහ්රමන්මරාස් ප්‍ර දේශයේ 44,000කට ජීවිත අහිමි වුණා. සිරියාවේ මරණ සංඛ්‍යාව ද ඇතුළත්ව මෙම ප්‍රමාණය පනස් දහසකට ආසන්නයි. කෙසේ...
Read More »

Feb 19

ඇමෙරිකාව – දකුණු කොරියාව – ජපානය විශේෂ යුද අභ්‍යාසයක  

0 comments

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය අත්හදා බැලීමෙන් පසු ඇමෙරිකාව හා දකුණු කොරියාව ජපානය සමඟ එක්ව විශේෂ යුද අභ්‍යාසයක නිරත වනවා. උතුරු කොරියාව හ්වාසොන්ග් 15 මිසයිලය අත්හදා බැලුවේ පසුගිය සෙනසුරාදායි. එහි අරමුණ උතුරු කොරියාව සතු යුද ශක්තිය පෙන්නුම් කිරීම බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් කලාපයට එල්ලවී ඇති උතුරු කොරියා තර්ජනයට ප්‍රතිචාර දැක්වීමේ අරමුණෙන් ඇමෙරිකාවේ මූලිකත්වයෙන් මෙම යුද අභ්‍යාසය ආරම්භ...
Read More »

Feb 19

ඇමරිකාවෙන් චීනයට චෝදනාවක්  

0 comments

ගුවන්ගත කළ බැලූන හරහා චීනය තම රටේ ඔත්තු බැලූ බවට සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකි බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා තම හමුදා වෙඩි තැබූ චීනයට අයත් බැලූනය ඔත්තු බැලීමේ උපකරණ සහිත එකක් බවට සැකයකින් තොරව විශ්වාස කරන බවයි රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. තම රටේ සංවේදී කලාපයක් වන මොන්ටානා ප්‍රදේශයට ඉහළින් ද මෙම බැලූනය ගමන් කළ බව ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා. චීනය මේ වන විට ලෝකයේ මහද්වීප 05...
Read More »

Feb 19

ඇමරිකාව බිම හෙලූ චීන බැලුම ගැන දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්  

0 comments

චීන බැලුම ගැන ඇමෙරිකා හා චීන නියෝජිතයන් හමුවී සාකච්ඡා කර තිබෙනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සහ චීන විදේශ සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ වැන් යී අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ජර්මනියේ පැවති ගෝලීය ආරක්ෂාව පිළිබඳ මියුනිච් සමුළුවේදීයි. රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා පසුගියදා ඇමෙරිකාව බිම හෙළූ බැලූනය පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. මෙහිදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් චීන රාජතාන්ත්‍රික වැන් යීට අවධාරණය කර ඇත්තේ රුසියාවට කිසිලෙසකවත්...
Read More »

Feb 19

ජනප්‍රිය දමිළ විකටනළු ආර් මයිලසාමි අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ජනප්‍රිය දමිළ විකටනළු ආර් මයිලසාමි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ආර් මයිලසාමි අභාවප්‍රාප්තවී ඇත්තේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්. මිය යන විට ඔහු 57 වන වියේ පසුවුණා. ආර් මයිලසාමි චිත්‍රපට සියයකට එහා ප්‍රමාණයකට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම රූපවාහිනී නිවේදකයෙකු සජිවී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද මයිලසාමි ජනප්‍රියත්වයට පත්ව සිටියා. ඔහු තමිල්නාඩුවේ විකට නලුවෙකුට ලැබෙන උපරිම රාජ්‍ය සම්මානය ද දිනූ කලාකරුවෙක්.     The...
Read More »

Feb 19

ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් නවසීලන්තයේ මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට  

0 comments

නවසීලන්තයේ ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිටත් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවද වාර්තා වනවා. කුණාටුවෙන් 10 දෙනෙකු පමණ අතුරුදන්වී ඇති බවද සඳහන්. නිවාස 62,000ට මේ වනවිටත් විදුලිය නොමැති අතර මේ හේතුවෙන් 170,000ක පිරිසක් පීඩාවට පත්ව සිටින බවද එරට රජය පවසනවා. සුළි කුණාටුව හේතුවෙන් නිවාස හා ගොවිපල රැසක් ජලයෙන් යටව තිබෙන අතර එරට නිෂ්පාදන හා කර්මාන්ත කටයුතු ද අඩාලවී පවතින බවයි වාර්තා...
Read More »

Feb 18

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 46,000 ඉක්මවයි  

0 comments

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 46,000 ඉක්මවා තිබෙනවා. මේ වන විට භූ කම්පනය සිදුව දින 12ක් ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේදීත් කුඩා දරුවෙකු ඇතුළු දෙමාපියන් බේරා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් කුඩා දරුවා විජනය හේතුවෙන් පසුව මිය ගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව මේ වන විට තුර්කියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 40642ක් වන අතර අසල්වැසි සිරියාවේ මරණ සංඛ්‍යාව 5800 ඉක්මවනවා.       The post...
Read More »

Feb 18

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා තිබෙනවා. මෙම මිසයිලය ජපාන මුහුදු සීමාවේ පතිත වු බවයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ. උතුරු කොරියාවේ සිට කිලෝමීටර 900ක් දුරින් වූ ජපාන දකුණු කොරියා ආර්ථික මුහුදු සීමාවේ මෙම මිසයිලය පතිත වූ බව දකුණු කොරියාව ද තහවුරු කරනවා. මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව සඳහන් කරන්නේ තමන් අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර දාහතර දහසක් ගමන් කළ හැකි මිසයිලයක් බවයි. එළඹෙන සතියේ ඇමෙරිකා සහ දකුණු...
Read More »

Feb 18

සූරිනාම් රාජ්‍යයේ පාර්ලිමේන්තුවට උද්ඝෝෂකයින් පිරිසක් කඩාවැදෙයි  

0 comments

සූරිනාම් රාජ්‍යයේ පාර්ලිමේන්තුවට උද්ඝෝෂකයන් පිරිසක් කඩා වැදී තිබෙනවා. සුරිනාම් හි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පසුගිය දින කිහිපය තුලදී උත්සන්න වූ අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හටගත්තා. රජය ඉදිරිපත් කර ඇති නව ආර්ථික වැඩපිළිවෙල යටතේ සහන කප්පාදු කිරීම සහ අධික උද්දමනය හේතුවෙන් මෙම ගැටුම් ඇතිවුනා. සාමකාමී උද්ඝෝෂණ ලෙස ආරම්භ වූ මෙම විරෝධතා මාලාව මේ වන විට ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබෙනවා. කඩ සාප්පු , ගිනිබත් කිරීම් සහ කොල්ලකෑම් ද එරටින්...
Read More »

Feb 18

මෙම වසරේ ඇමෙරිකාව තුළ සමූහ වෙඩි තැබීම් 73ක්  

0 comments

මේ වසරේ ඇමෙරිකාව තුළ සමූහ වෙඩි තැබීම් 73ක් සිදුව ඇති බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. නව වසර ආරම්භ වී  මාස දෙකක් තුළ මෙතරම් වෙඩි තැබීම් සිදුවීම් සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අදහස් දැක්වීම් හා යාඤා කිරීම්වලින් ඵලක් නොවන බවත් අවි ආයුධ භාවිතය සම්බන්ධයෙන් නීති දැඩි කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. තුවක්කු පිළිබඳ නීතිය , සංශෝධනය කළ යුතු බවයි ඔහු පවසා ඇත්තේ. මේ අතර අවුරුදු...
Read More »

Feb 18

ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තගත ලෙස වෙනස් වෙයි  

0 comments

ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තගත ලෙස වෙනස් වී තිබෙනවා. ආජන්ටිනාවේ උෂ්ණත්වය දින 5ක් තුළ විශාල වෙනස්වීමකට ලක්ව තිබෙනවා. දින 5කට පෙර ආජන්ටිනාවේ බුවනෝස් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.1 ක් වූ අතර එයඅද සෙල්සියස් අංශක 7.9ක් දක්වා පහත බැස තිබෙනවා. 1951න් පසු මෙතරම් උෂ්ණත්ව වෙනසකට ආජන්ටිනාව මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය වනවා. අධික හිමපතනයත් සමඟ මෙම උෂ්ණත්වය සිදුව තිබෙන බවයි කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ. ආජන්ටිනාවෙන් වාර්තා වූ අඩුම උෂ්ණත්වය...
Read More »

Feb 18

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 45,000ක් දක්වා ඉහළට  

0 comments

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව හතලිස්පන්දහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ තුර්කියේ මිය ගිය සංඛ්‍යාව 39672ක් බවත් සිරියාවේ මිය ගිය සංඛ්‍යාව 5800ක් බවයි. තුර්කියේ සරණාගත තත්ත්වයේ සිට මිය ගිය 1500 දෙනාගේ සිරුරු නැවත භූමදාන කටයුතු සඳහා සිරියාවට ගෙන ආ බව සඳහන් වනවා. මේ අතර සිරියාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් කන්ටේනර් රථ 178ක් තුර්කියේ සිට සිරියාව වෙත ගමන්කළ බව වාර්තා වනවා. තුර්කි උප...
Read More »

Feb 17

ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ මිසිසිපි ප්‍රාන්තයේ ආකබුට්ලා නගරයේයි.ස්ථාන කිහිපයකදී සිදු වූ වෙඩි තැබීම්වලිනුයි 06 දෙනෙකු මිය ගොස් තිබෙන්නේ. වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා 52 වන වියේ පසු වනවා.ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි වැදී මිය ගිය අය අතර වෙඩි තැබූ පුද්ගලයා කළින් විවාහව සිටි බිරිඳද වනවා. එක්සත් ජනපදය අවි ආයුධ භාවිතය සම්බන්ධයෙන්...
Read More »

Feb 17

සුළි කුණාටුවවෙන් නවසීලන්තයේ මිය ගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට  

0 comments

ග්‍රෙබ්‍රියල් සුළි කුණාටුව නිසා නවසීලන්තයේ මිය ගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළි කුණාටු තත්ත්වය නිසා දස දහසකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා. බොහෝ නගරවලට තවමත් විදුලිය සහ නළ ජලය හරි හැටි ලැබී නැහැ. ග්‍රෙබ්‍රියල් සුළි කුණාටුව නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට බලපෑ අතර මේ සම්බන්ධයෙන් රජය පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර තිබු හෙයින් සිදුවිය හැකිව තිබු අනතුරු බොහෝමයක් වළක්වා ගැනීමට හැකිවුණා. නවසීලන්තය පසුගිය සතිය පුරාම...
Read More »

Feb 17

සුපිරි හොලිවුඩ් නළු බෲස් විල්ස් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන බව පවුලේ සාමාජිකයන් නිවේදනය කරයි  

0 comments

සුපිරි හොලිවුඩ් නළු බෲස් විල්ස් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් නිවේදනය කොට තිබෙනවා. සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන බෲස් විල්ස් ඩිමෙන්ෂියා රෝගෙන් පෙලීම නිසා ඔහු වසරක් ඇතුලත රංගනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ද සදහන්. 1980 සිට හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම නළුවෙකු ලෙස කටයුතු කළ බෲස් විල්ස් මේ වන විට 67වන වියේ පසුවනවා. ගොල්ඩ්න් ග්ලොබ් සම්මානය සහා එමී සම්මානය දෙවරක් දිනා ඇති බෲස් විල්ස් අති දක්ෂ නළුවෙක්. ඩයිහාඩ්,...
Read More »

Feb 16

youtube මුල් පුටුවට ඉන්දියානුවෙක්?  

0 comments

යූ ටියුබ් සමාගමේ මුල් පුටුවට ඉන්දියානුවෙකු පත්වීමට නියමිත බව වාර්තා වනවා. යූ ටියුබ් සමාගමේ විධායක නිලධාරී සූසෑන් විජෙස්කි ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව විධායක නිලධාරියා ලෙස ඉන්දීය ඇමෙරිකා සම්භවයක් සහිත නීල් මොහාන් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. නීල් මොහාන් 2015 වසරේ සිට යූ ටියුබ් සමාගමේ ප්‍රධාන නිෂ්පාදන නිලධාරියා ලෙස කටයුතු කරනවා. නීල් මොහාන් 1996 සිට අන්තර්ජාලය ආශ්‍රිත සමාගම්වල කටයුතු කළ අතර 2007 සිට ගූගල්...
Read More »

Feb 16

චීනයෙන් කිසිසේත් සමාව ඉල්ලන්නේ නැනැ – ඇමෙරිකා ජනාධිපති  

0 comments

චීන බැලූනය බිම හෙළීම ගැන චීනයෙන් කිසිසේත් සමාව ඉල්ලන්නේ නැති බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මොන්ටානා ප්‍රාන්තයේ ගුවනේ තිබි බිම හෙළු බැලූනය අනිවාර්යයෙන්ම ඔත්තු බැලීම සඳහා යොදා ගත් එකක් බවයි. කෙසේ වෙතත් පසුගිය සතිය පුරා උතුරු ඇමෙරිකා අහසින් හමු වු හඳුනානොගත් අනෙක් ආකාශ වස්තු සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි, ජනාධිපතිවරයා පවසන්නේ. තමන් නුදුරේදීම චීන ජනාධිපතිවරයා හමුව මේ ඔත්තු බැලීමේ...
Read More »

Feb 16

2035 සිට යුරෝපය කාබන් විමෝචනය සිදුකෙරෙන මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට යයි  

0 comments

2035 වසරේ සිට පෙට්‍රල් හා ඩීසල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථ වෙළදාම තහනම් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ සදහා වන නීති සදහා අනුමැතිය ලබාදීමට යුරෝපා පාර්ලිමේන්තුව කටයුතු කළා. ඉලෙට්‍රික් මෝටර් රථ භාවිතය ඉහළ නැංවීම හා කාලගුණ විපර්යාසයන්ට සාර්ථකව මුහුණදීම අරමුණු කරගෙනයි යුරෝපා සංගමය මෙම පියවර ගෙන ඇත්තේ. කාබන් විමෝචනය සිදුකෙරෙන මෝටර් රථ අලෙවිය 2035 වසරේ සිට ඒ අනුව තහනම් වන අතර යුරෝපයේ රටවල් 27ක එය ක්‍රියාත්මක වනවා. එමෙන්ම 2030...
Read More »

Feb 16

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ආකරයක සිදුවූ කඩා වැටීමකින් දෙදෙනෙකු අතුරුදන්  

0 comments

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ආකරයක සිදු වු කඩා වැටීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වු කම්කරුවන් දෙදෙනා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. කඩා වැටීම සිදු වි මේ වන විට පැය 24ක් ගත වී ඇති අතර පොළව මට්ටමේ සිට මීටර 125ක් පමණ ගැඹුරින් එම අවස්ථාවේ ඔවුන් රැදී සිට තිබෙනවා. ඔවුන් සමග සිටි අනෙක් කම්කරුවා අනතුරෙන් ගැලවීමට සමත්ව තිබෙනවා. අතුරුදන් වු පුද්ගලයින් සමග සන්නිවේදනය කිරීමට උත්සහ කළ ද...
Read More »

Feb 16

පාකිස්තානය වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළ දමයි  

0 comments

ඉන්ධන මිල වාර්තා ගත ලෙස ඉහළ දැමීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම යටතේ පාකිස්තාන පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 22කයි ශත විස්සකින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන වන්නේ පාකිස්තාන රුපියල් 272ක් ලෙසයි. එමෙන්ම ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 17යි ශත විස්සකින් ඉහළ දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ පාකිස්තාන රුපියල් 280ක් ලෙසයි. එමෙන්ම භූමි තෙල් මිල ද පාකිස්තාන රුපියල් 12 ශත අනූවකින් ඉහළ දමා තිබෙනවා. එමෙන්ම...
Read More »

Feb 15

තුර්කි භූ කම්පනයෙන් දින 9කට පසු 77 හැවිරිදි කාන්තාවක් බේරා ගැනේ  

0 comments

තුර්කි භූ කම්පනයෙන් දින 9කට පසු 77 හැවිරිදි කාන්තාවක් සුන්බුන් තුළ සිරව සිටිය දී බේරා ගැනීමට සහන කණ්ඩායම් ඊයේ සමත්වුණා. තුර්කිය හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 41000 ඉක්මවා ඇති අතර තුවාල ලැබු පිරිස ලක්ෂයට අධිකයි. මේ වන විට භූ කම්පනය සිදු වී දින 10ක් ඉක්ම ගොස් තිබෙනවා. සුන්බුන් තුළ සිරව සිටි පිරිස් සොයා මෙහෙයුම් අත්හිටු වීමටයි යෝජනා වී ඇත්තේ.කෙසේ වුවද පැය 212කට පසුව 77 හැවිරිදි කාන්තාවක් සොයා ගැනීමත් සමග මෙහෙයුම්...
Read More »

Feb 15

යුක්රේනය රුසියා ඔත්තුබැලීමේ බැලුන 6 ක් බිම හෙලයි  

0 comments

යුක්රේනය රුසියා ඔත්තුබැලීමේ බැලුන 6 ක් බිමහෙලා තිබෙනවා. යුක්රේන හමුදා මෙම බැලුන බිමහෙලා ඇත්තේ කිවු අගනුවරට ඉහළින් පියාසර කරමින් තිබියදීයි. මෙම බැලූන කිසිදු යන්ත්‍රයකින් තොරව සාමාන්‍ය ලෙස පාවෙන බැලුන ලෙසයි හදුනාගෙන තිබෙන්නේ. විශේෂයෙන් රුසියා හමුදා මෙම බැලුන මගින් යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිය නිරීක්ෂනය කරන්නට ඇතැයි අනුමාන කෙරෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට රුසියාවේ යුද ටැංකි ඇතුළු ආයුධ හිගයක් පවතින බැවින් ප්‍රහාරයක් එල්ල...
Read More »

Feb 15

IMF මූල්‍ය සහන ලබාගැනීමට පාකිස්තානයත් බදු ඉහළ දමයි  

0 comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහන ලබාගැනීම සඳහා පාකිස්තානය බදු ඉහළ දමා තිබෙනවා. බදු ඉහළ දැමීම යටතේ පාකිස්තාන රුපියල් බිලියන 170 ක් පමණ ලබාගැනීමට අපේක්ෂා කරනවා. කෙසේ වුවද ආර්ථික විශ්ලේෂකයින් සදහන් කරන්නේ බදු ඉහළ දැමීම සදහා එරට උද්ධමනයට බලපෑම් එල්ලවිය හැකි බවයි. නව බදු යටතේ එරට ගෘහස්ථ හා ව්‍යාපාර සදහා භාවිත කරන ගෑස් මිල දෙගුණයකින් පමණ ඉහළ දමා තිබෙනවා. විදුලි ගාස්තු ද ඉදිරි සතියේ දී ඉහළ දැමීමට නියමිත බවයි වාර්තා වන්නේ. පාකිස්තානය...
Read More »

Feb 15

වාණිජ ගුවන් කර්මාන්ත ඉතිහාසයේ දැවැන්තම ගනුදෙනුව සිදුකිරීමට ඉන්දියාව සූදානම්  

0 comments

වාණිජ ගුවන් කර්මාන්ත ඉතිහාසයේ දැවැන්තම ගනුදෙනුව සිදුකිරීමට ඉන්දියාව සූදානම් වනවා. ටාටා සමාගමට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම මගී ප්‍රවාහන ගුවන් යානා 470 ක් මිලදී ගන්නා බවට නිවේදනය කළා. ඒ යටතේ යුරෝපයේ නිෂ්පාදිත එයාර් බස් ගුවන් යානා 250 ක් ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා 220 ක් මිලදී ගැනීමට නියමිතයි. මෙම ගනුදෙනුව ඇමෙරිකා ඩොලර් බිලියන 80 ක් පමණ වනු ඇති බවටයි ගනන් බලා ඇත්තේ. එයාර් ඉන්දියා ගුවන් සමාගම පාඩු ලැබීම හේතුවෙන් 2021 වසරේ ඔක්තෝබර්...
Read More »

Feb 15

BBCයට අයත් ඉන්දියාවේ කාර්යාලය එරට ආදායම් බදු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට  

0 comments

BBC පුවත් සේවයට අයත් ඉන්දියාවේ කාර්යාලය එරට ආදායම් බදු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට ලක්වුණා. මෙම විශේෂ පරීක්ෂාව ඊයේ සන්ධ්‍යාවේදී ආරම්භ කළ අතර රාත්‍රිය පුරා එය සිදුකෙරුණු බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ. 2002 වසරේ ගුජරාටයේ දී ඇතිවූ මුස්ලිම් විරෝධී කෝලාහලයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂ වාර්තා වැඩසටහනක් මීට සති කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ දී විකාශය කෙරුණා.ඉන් අනතුරුව මෙම පරීක්ෂාව සිදුකිරීම විශේෂත්වයක්. පරීක්ෂණ...
Read More »

Feb 14

ඇමෙරිකාව වෙඩි තැබූ පියාසර වස්තූන් චීනයට අයත් ඒවා නොවේ – ධවල මන්දිරය කියයි  

0 comments

ඇමෙරිකාව පසුගියදා වෙඩි තැබූ පියාසර වස්තූන් චීනයට අයත් ඒවා නොවන බව ධවල මන්දිරය පවසනවා. පසුගිය 4 වනදා චීන කාලගුණ පරීක්ෂණ බැලුනයකට වෙඩි තබා බිම හෙළීමට ඇමෙරිකාව කටයුතු කළා. ඉන් පසුව තවත් පියසර වස්තූන් තුනකට වෙඩි තැබූ බවටයි ඇමෙරිකාව ප්‍රකාශ කළේ. එම පියාසර වස්තූන් පිළිබඳ චෝදනා එල්ල වූයේ චීනයටයි. කෙසේ වෙතත් එම චෝදනාවලට පිළිතුරු ලබා දුන් චීන ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ එම වස්තූන් තම රටට අයත් නොවන බවයි. එහෙත් පසුගිය වසර පුරා ඇමෙරිකාව...
Read More »

Feb 14

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 37000 ඉක්මවයි  

0 comments

තුර්කිය හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජිවිතක්ෂය පත් වු සංඛ්‍යාව 37000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. භූ කම්පනයෙන් තුර්කියේ 31643න් දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති අතර සිරියාවේ ජිවිතක්ෂය පත් වු සංඛ්‍යාව 5700කට අධික බවයි වාර්තා වන්නේ. භූ කම්පනය සිදුවී දින 7ක් ඉක්ම ගොස් ඇති අතර ඊයේ දිනයේ දී පුද්ගලයින් 8 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වුණා. ජගත් සංවිධානයේ ආධාර බේදා දීම සදහා සිරියාවට ඇතුල් වීමට තවත් මාර්ග දෙකක් විවෘත කිරීමට...
Read More »

Feb 14

කාම්බෝජියාවේ අවසන් ස්වාධීන මාධ්‍ය ආයතනයත් වසා දමයි  

0 comments

කාම්බෝජියාවේ අවසන් ස්වාධීන මාධ්‍ය ආයතනයත් වසා දැමීමට එරට අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. කාම්බෝජියාවේ මහ මැතිවරණය පැවැත්වීමට තවත් මාස කිහිපයක් තිබියදීයි මෙම පියවර ගෙන ඇත්තේ. ප්‍රජාතන්ත්‍රවාදයේ හඩ නැමැති එම මාධ්‍ය ආයතනය පසුගිය සතියේ දී පළ කළ ප්‍රවෘියක් හරහා රජයේ ප්‍රතිරූපයට හානි සිදු ව ඇති බව අග්‍රාමාත්‍ය හුන් සෙන් සදහන් කරනවා. අග්‍රාමාත්‍යවරයාගේ වැඩිමහල් පුත්‍රයා ඇමෙරිකා ඩොලර් ලක්ෂයක වටිනාකමින් යුත් පැකේජයකට අත්සන් තබා ඇති...
Read More »

Feb 14

ජපාන ආර්ථිකය පසුගිය කාර්තුවේ දී වර්ධනයක් පෙන්නුම් කරයි  

0 comments

ජපාන ආර්ථිකය පසුගිය කාර්තුවේ දී වර්ධනයක් පෙන්නුම් කරන බව රජයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා. ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපාන ආර්ථිකය පසුගිය ඔක්තෝබර්,  දෙසැම්බර් කාර්තුවේදී 2.0%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද අපේක්ෂිත වර්ධන වේගයක් ලබා ගැනීමට සමත් වී නොමැති බව සමත් වී නැහැ. 0.5%ක ආර්ථිකය වර්ධන වේගයක් අත්කර ගනු ඇති බවටයි අනාවැකි පල කෙරුණේ. යෙන් මුදල් ඒකකය ඩොලරයට සාපේක්ෂව අවමවීම,   ව්‍යාපාර...
Read More »

Feb 13

නවසීලන්තයට හදිසි තත්ත්වයක්  

0 comments

නවසීලන්තය ගෙබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නවසීලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම කලාතුරකින් සිදු කරන අතර ඉතිහාසයේ තුන්වන වරටයි මෙලෙස හදිසි තතත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ. අද උදෑසන හදිසි තත්ත්වය සදහා වන නියෝගයට එරට හදිසි කළමනාකරණ අමාත්‍යවරයා අත්සන් තැබුවා. නොත්ලන්ඩ්,  ඕක්ලන්ඩ්,  බේ ඕෆ් ප්ලෙන්ටි ඇතුළු ප්‍ර දේශ රැසකට එය අදාළ වනවා. ගෙබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් නිවාස...
Read More »

Feb 13

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්  

0 comments

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ඉදිරිපැය 24 ටදිවයිනවටාවනමුහුදුප්‍රදේශසඳහාකාලගුණඅනාවැකිය වැසි තත්ත්වය : කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළඟ : සුළං ඊසාන දෙසින් හමා...
Read More »

Feb 13

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තිස්හයදහස ඉක්මවයි  

0 comments

තුර්කි භූ කම්පනය සිදුවී සතියක් ගතවනවිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව  තිස්හයදහස ඉක්මවා තිබෙනවා. මේ අතර ප්‍රධාන භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වූ කහ්රමන්මරාස් ප්‍රදේශයට රිච්ටර් පරිමාණ ඒකක 4 දශම 7 ක සුලු භූ කම්පන තත්ත්වයක් ඊයේ හටගත්තා. ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්තවලට අනුව එහි කේන්ද්‍රය කහ්රමන්මරාස් නගරයේ සිට කිලෝමීටර් 24ක් දුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. ඉන් කිසිදු බලපෑමක් මෙතෙක් සිදුව නැහැ. කෙසේ වෙතත් තුර්කියට බලපෑ...
Read More »

Feb 13

රුසියාවෙන් වහාම ඉවත් වන්නැයි ඇමෙරිකාව තම රටේ වැසියන්ට යළිත් වරක් නියෝග කරයි  

0 comments

රුසියාවෙන් වහාම ඉවත් වන්නැයි ඇමෙරිකාව තම රටේ වැසියන්ට යළිත් වරක් නියෝග කර තිබෙනවා. යුක්රේන රුසියා ගැටුම් ආරම්භ වී ලබන 24 වනදාට වසරක් සම්පූර්ණ වනවා. ඒ සමගම යුක්රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමටයි රුසියාව සූදානමින් සිටින්නේ. කෙසේ වෙතත් ඊට විරෝධය පළකරමින් ඇමෙරිකාව තම රටේ වැසියන්ට නියෝග කර ඇත්තේ අනීතික ක්‍රියාදාමයන් සිදුවන රුසියාව තුළ රැදී නොසිට වහා සිය මව්රටට පැමිණෙන ලෙසයි. මීට පෙර ද පසුගිය සැප්තැම්බරයේ දී ඇමෙරිකාව මෙලෙසම නියෝග...
Read More »

Feb 13

ඊශ්‍රාලය ගුවන් ප්‍රහාරයකින් ගසා තීරයේ හමාස් ගොඩනැගිලි කිහිපයක අලාභ හානි  

0 comments

ඊශ්‍රාලය ගුවන් ප්‍රහාරයකින් ගසා තීරයේ හමාස් ගොඩනැගිලි කිහිපයක අලාභ හානි සිදුව තිබෙනවා. පලස්තීනය පසුගියදා බටහිර ඉවුරට එල්ල කළ රොකට් ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වමිනුයි ඊශ්‍රාලය මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ. ඉන් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පලස්තින රතු අඩසද සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ. හමාස් සංවිධානයට අයත් භූ ගත බංකර සහිත ගොඩනැගිල්ලක් ඉලක්ක කර එල්ල වු ප්‍රහාරයෙන් එය විනාශයට පත් ව තිබෙනවා. ඊශ්‍රාලය හා පලස්තිනය අතර දිගින් දිගටම...
Read More »

Feb 12

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවයි  

0 comments

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවා තිබෙනවා. තුර්කියට බලපෑ භූ කම්පනයෙන් එරට හා අසල්වැසි සිරියාවේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මෙම සංඛ්‍යාව 50,000ට ආසන්න වනු ඇති බවයි වාර්තා වන්නේ. ගොඩනැගිලිවලට යට වූ පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර දින 7 ක් ගතවන මොහොතේ ඇතැම් මෙහෙයුම් අත්හැර දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. ඒ භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වූ ප්‍රෙද්ශවල උෂ්ණත්වය ඉතා පහළ...
Read More »

Feb 12

තුර්කිය ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 113 දෙනෙකුට වරෙන්තු නිකුත් කරයි  

0 comments

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව විසි නවදහස ඉක්මවා තිබෙනවා. මේ අතර තුර්කිය විසින් ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 113න් දෙනෙකුට එරෙහිව අත්අඩංගුවට ගැනිමේ වරේන්තු නිකුත් කර තිබෙනවා. තුර්කි පොලිසිය විසින් මේ වන විට කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සියලු ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉදි කිරීම සම්බන්ධයෙන් මීට පෙර චෝදනාවට ලක්වුවන්.             The...
Read More »

Feb 12

රුසියානු ගැබිණි කාන්තාවන් 5000කට අධික සංඛ්‍යාවක් ආර්ජන්ටිනාවට  

0 comments

රුසියානු ගැබිණි කාන්තාවන් පන්දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය මාස කිහිපයේ ආර්ජන්ටිනාවට පැමිණ තිබෙනවා. ආර්ජන්ටිනාවේ ලිහිල් ආගමන විගමන ප්‍රතිපත්ති හේතුවෙන් මෙලෙස සංක්‍රමණය වන බවටයි වාර්තා වන්නේ. ජාතික සංක්‍රමණික ඒජන්සිය පවසන්නේ ආර්ජන්ටිනාවට පැමිණි ගැබිණි මව්වරුන් මොහොමයක් දරු ප්‍රසූතියට ආසන්න කාලයේ පසුවන බවයි. රුසියාවෙන් ආර්ජන්ටිනාවට පසුගිය බ්‍රහස්පතින්දා පැමිණි වාණිජ ගුවන් යානයේ ගැබිණි මව්වරුන් 33ක් සිටීම විශේෂ සිද්ධියක් බව විදෙස්...
Read More »

Feb 12

බ්‍රිතාන්‍යයේ සරණාගත විරෝධි රැළියක දී 15 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

බ්‍රිතාන්‍යයේ පැවැති සරණාගත විරෝධි රැළියක දී විරෝධතාකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ලිවර් පූල් නගරයේයි මෙම සරණාගත විරෝධි රැළිය පැවතුනේ. බ්‍රිතාන්‍යයට අනවසරයෙන් පැවති සංක්‍රමණිකයන් රැඳී සිටින හෝටලක් ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පවත්වා තිබෙනවා. විරෝධතාකරුවන් ගිණි තැබීම් සිදු කරමින් කළහාකාරී ලෙස හැසිර තිබෙනවා. මෙහිදි ඇති වු ගැටුම්වලදී උද්ඝෝෂකයන් කිහිපදෙනෙකුට සහ පොලිස් නිලධාරීන්ට ද තුවාල සිදුව තිබෙනවා. බ්‍රිතාන්‍යය...
Read More »

Feb 11

හඳුනා නොගත් වස්තුවක් ඇමෙරිකා සහ කැනඩා ගුවන් හමුදා එක්ව බිම හෙළයි  

0 comments

කැනඩා අහසින් හමුවු හඳුනා නොගත් වස්තුවක් ඇමෙරිකා සහ කැනඩා ගුවන් හමුදා එක්ව බිම හෙළයි. කැනඩාවේ යුකොන් ප්‍රාන්තයේ ගුවනින් හමුවු මෙම හඳුනානොගත් වස්තුව බිම හෙළීමට කටයුතු කළ බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ තහවුරු කළා. කැනඩා සහ ඇමෙරිකා ගුවන් හමුදා විසින් මෙම හඳුනානොගත් වස්තුවේ ගමන් මග නිරීක්ෂණය කිරිමෙන් පසු ඇමෙරිකානු එෆ් 22 ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් මෙය බිම හෙළු බව වාර්තා වනවා. මෙම හඳුනානොගත් වස්තුව යුකොන් ප්‍රාන්ත අහසේ අඩි...
Read More »

Feb 11

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව විසිඅටදහස ඉක්මවයි  

0 comments

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව විසිඅටදහස ඉක්මවා තිබෙනවා. ගලවා ගැනිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක නමුත් සුන්බුන්වලට යටව ජිවත්ව සිටින්නන් පිළිබදව බලාපොරොත්තු කඩවමින් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ වනවිට ජර්මන් සහ ඕස්ට්‍රේලියා සහන කණ්ඩායම් සුන්බුන් වලට යටවූවන් සොයා කළ මෙහෙයුම් සෙනසුරාදා දිනයේ සිට නවත්වා දැමීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ. මේ අතර සොරකම්වල යෙදුවු 50 දෙනෙක් පමණ අත්අඩංගුවට ගත් බව තුර්කි පොලිස් වාර්තා පෙන්වා...
Read More »

Feb 11

දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ඝාතනය කෙරේ  

0 comments

දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ඝාතනය කොට තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන කේනන් ෆෝබ්ස් හෙවත් ඒ.කේ.ඒ හටයි  වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ.ජනප්‍රිය ගීත ඇල්බම රැසක් නිකුත් කළ මොහු දකුණු අප්‍රිකාවේ සම්මාන රැසක් හිමිකරගත් ගායකයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඔහුගේ යූටියුබ් නාලිකාවේ නිර්මණවලට ද මිලියන ගණනක ප්‍රතිචාර තිබෙනවා.ඩර්බන් නගරයේ ජනප්‍රිය අවන්හලක් අසළදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඔහු සමඟ...
Read More »

Feb 11

රුසියාව හුදෙකලා කිරීමේ බටහිර රටවල ප්‍රයත්නයන් අසාර්ථකයි  

0 comments

රුසියාව හුදෙකලා කිරීමේ බටහිර රටවල ප්‍රයත්නයන් සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බව රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝයි පවසවා. සර්ජි ලැව්රෝයි මේ බව ප්‍රකාශ කළේ සාර්ථක අප්‍රිකා සංචාරයකින් පසුව තම මව්රටට පැමිණි පසුවයි. සර්ජි ලැව්රෝයි තම අප්‍රිකානු සංචාරයේදී මාලි, සූඩානය, දකුණු අප්‍රිකාව හා ඇන්ගෝලාව වැනි රටවල්වල සංචාරය කළා. එමෙන්ම ඔහු මැදපෙරදිග ඉරාකයට ද පැමිණියා. සර්ජි ලැව්රෝයි වැඩිදුරටත් පවසන්නේ ඇමෙරිකාව මහාබ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රුසියාව...
Read More »

Feb 10

මෝල්ඩෝවා අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි  

0 comments

මෝල්ඩෝවා රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය ඉල්ලාඅස්වීමත් සමග එරට රජය ද අහෝසි වී තිබෙනවා. මෝල්ඩෝවා රාජ්‍ය මාස 18ක් පුරා දේශපාලන හා ආර්ථික ගැටුම් නිසා අස්ථාවර තත්ත්වයට පත්ව තිබුණා. විශේෂයෙන්ම අසල්වැසි යුක්‍රේනයේ ඇතිව තිබෙන යුද්ධය නිසාත් සරණාගත පැමිණීම් නිසාත් මෝල්ඩෝවා රාජ්‍ය අර්බුදයට පත්ව සිටියා. ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික ප්‍රශ්නවලින් රටේ ගැටලු ඇතිවී තිබුණා. ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍යවරිය වන නටාලියා...
Read More »

Feb 10

ඇමෙරිකා අහසේ සැරිසරමින් තිබූ හඳුනානොගත් දෙයක් බිම හෙලයි  

0 comments

ඇමෙරිකා අහසේ සැරිසරමින් තිබූ හදුනානොගත් දෙයක් බිම හෙළූ බව ධවල මන්දිරය පවසනවා. ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්ලි පැවසුවේ ඇලෙස්කා අහසේ පාවෙමින් තිබූ මෝටර් රථයක ප්‍රමාණයක යම් වස්තුවක් වෙඩි තබා බිම හෙළූ බවයි. යුද ප්‍රහාරක යානා යොදා ගනිමින් අදාළ වස්තුව බිම හෙළූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා. හදුනා නොගත් වස්තුව බිම හෙළන අවස්ථාවේදී එය අඩි හතලිස් දහසක් උසින් ගුවනේ ගමන් කරමින් තිබූ බවයි කර්බි වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් අදාළ හදුනා නොගත් වස්තුව...
Read More »

Feb 10

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 23,000 ඉක්මවයි  

0 comments

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව විසිතුන් දහස ඉක්මවා තිබෙනවා. භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව  විසිතුන් දහස් හත්සීයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ බේරා ගැනීමේ කණ්ඩායම් 130ක් යොදා ගෙන තවමත් සෙවිමේ කටයුතු සිදු කරන බවයි. කෙසේ වෙතත් සිරියාවේ මෙහෙයුම්වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දායකත්වය අඩු බවට මේ වන විට චෝදනා එල්ලවී තිබෙනවා. මේ වන විට රටවල් දෙකටම ටොන් 72ක ආහාර සහ ඖෂධ ලබා දීමට...
Read More »

Feb 10

ජම්මු කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයාගැනේ  

0 comments

ජම්මු කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයාගෙන තිබෙනවා.ඉන්දියාවෙන් ලිතියම් නිධියක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි. මෙම නිධියේ ලිතියම් ටොන් මිලියන 5.9 ක් තිබෙන බවයි ඉන්දීය රජය ප්‍රකාශ කරන්නේ. ලිතියම් ප්‍රධාන වශයෙන් බැටරි නිෂ්පාදනය සඳහා යොදා ගැනෙනවා. මේ හේතුවෙන් ඉන්දියාව මෙම උපයෝගීකර ගෙන ඉලෙට්‍රික් මෝටර් රථ, ජංගම දුරකතන නිෂ්පාදන ඇතුළු අංශ රැසක විශාල වෙනසක් සිදු කරනු ඇති බවයි ඉඟි පලව ඇත්තේ.   The post ජම්මු කාශ්මීරයෙන් ලිතියම් නිධියක්...
Read More »

Feb 10

රුසියාවෙන් ප්‍රබල මට්ටමේ මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව යුක්‍රේනය කියයි  

0 comments

රුසියාවෙන් තමන්ට ප්‍රබල මට්ටමේ මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව යුක්‍රේනය පවසනවා. යුක්‍රේනය මෙලෙස රුසියාවේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්‍රේන ජනාධිපතිවරයා යුරෝපා සංචාරයට රටින් පිටව දවසක් ගතවීමෙන් පසුයි. යුක්‍රේනය පවසන්නේ තමන්හට ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා 7 කින් ද ප්‍රහාර එල්ල වූ බවයි.රුසියාවෙන් කලු මුහුදේ සිට තම රටට මිසයිල ප්‍රහාර රැසක් එල්ල වූ බවද යුක්‍රේනය සඳහන් කරනවා. විශේෂයෙන්ම යුක්‍රේනයේ කර්කිවු සහ සපොරිෂිෂා නගර ඉලක්ක කරගෙන මිසයිල...
Read More »

Feb 10

ඇමෙරිකාවෙන් චීනයට චෝදනා  

0 comments

ඇමෙරිකා අහසේ තිබියදී බිම හෙළූ චින බැලූනයේ සම්ප්‍රේෂණ උපාංග අඩංගු වූ බව ඇමෙරිකාව චෝදනා කරනවා. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බිම හෙළූ බැලූනයේ තිබී බුද්ධි අංශ මෙහෙයුම් සඳහා යොදාගන්නා ඇන්ටෙනා තිබූ බවයි. මේ පිළිබඳ ඇමෙරිකාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. මෙවැනි තවත් බැලූනයක් ඇමෙරිකා අහසේ සැරිසරන බවට වාර්තා වන බව තම ආරක්ෂක අංශ ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් ඇමෙරිකාව සඳහන් කරනවා. කෙසේ වුවද චීනය සඳහන් කරන්නේ ගැටලුවට මුල්වූ බැලූනය...
Read More »

Feb 09

තුර්කි සිරියා භූ කම්පාවේ සුන් බුන් අතරින් හමු වූ ළදරුවාට නමක්  

0 comments

තුර්කි සිරියා භූ කම්පාවේ සුන් බුන් අතර හමු වූ ළදරුවාට නමක් තබා තිබෙනවා. ජිම් ඩයරිස් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් ඇය ගලවා ගන්නා විටත් මව මිය ගොස් සිටියද ඇය මව  හා පෙකනිවැලින් සම්බන්ධව සිටියා. දැරියට නම තබා ඇත්තේ ආයා නමින්. අරාබි බසින් එහි තේරුම වන්නේ ආශ්චර්ය යන්නයි. භූකම්පනයෙන් ඇගේ මව,පියා සහ සහෝදරයන් සියලු දෙනාම මිය ගියා. ඇය බේරාගැනීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගිය අතර ලෝකයේම අවධානය ඇය වෙත යොමු වුණා. ළදරුවා දැනට...
Read More »

Feb 09

තුර්ක-සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි  

0 comments

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා. භූ කම්පනයෙන් තුර්කියේ 17,600 ක් මිය ගොස් ඇති බවත් සිරියාවේ 3377 ක් මියගොස් තිබෙන බවත් වාර්තා වනවා. භූ කම්පනය සිදු වී අද වන විට  පැය 100 ක් ඉක්මවා තිබෙන අතර අතුරුදන් වූවන් සොයා තවමත් මෙහෙයුම් සිදු වනවා. කෙසේ වෙතත් අධික ශීත කාලගුණය හේතුවෙන් අතුරුදන් වූවන් සෙවීම වඩාත් දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ. ලෝක බැංකුව අනතුරට...
Read More »

Feb 09

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 17,000 ඉක්මවා යයි  

0 comments

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 17,000 ඉකන්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තුවාල ලැබු සංඛ්‍යාව 60,000කට අධිකයි. මේ අතර භූ කම්පනයේ පසු ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වූ බව තමා පිලිගන්නා බවයි තුර්කි ජනාධිපතිවරයා සදහන් කරන්නේ. භූ කම්පනයෙන් තුර්කියේ 12,000කට අධික සංඛ්‍යාවක් ද සිරියාවේ 3000ක් පමණ ද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වුවද ජලය,විදුලිය හා ගෑස් නොමැති වීම හේතුවෙන්...
Read More »

Feb 09

ග්ලැසියර දියවීමත් සමඟ නිර්මාණය වන විල් බීඳී යාම හරහා මිලියන 15කගේ ජිවිත අවධානමක  

0 comments

ග්ලැසියර දියවීමත් සමග නිර්මාණය වන විල් බීදි යාම හරහා මිලියන 15ක පමණ පිරිසකගේ ජිවිත දැඩි අවධානමකට පත්විය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හරහා ග්ලැසියර දියවීමත් සමග ජලය එක්වීමෙන් මෙම විල් නිර්මාණය වනවා. එම විල් බීදි යාමත් සමග හදිසි ගංවතුර තත්ත්වයන් හට ගත හැකි බවයි එම අධ්‍යනයෙන් හෙළිව ඇත්තේ. ඒකරාශි වන ජල ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාමත් සමග ඒවා බිදී යාමේ ප්‍රවණතාවය ද ඉහළ යන බවයි අධයනය සිදුකළ නිව්කාසල්...
Read More »

Feb 09

ඩිස්නි සමාගම රැකියා කප්පාදුවක් සිදු කිරීමට සුදානම් වෙයි  

0 comments

ඇමෙරිකාවේ ඩිස්නි සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් සිදු කිරීමට සුදානම් වනවා. යෝජිත රැකියා කප්පාදුව සදහා 7000කට පමණ රැකියා අහිමි වනු ඇති බවයි ඩිස්නි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සදහන් කරන්නේ. රැකියා කප්පාදුව සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 5.5ක මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු සදහන් කරනවා. ඉවත් කරන සේවක සංඛ්‍යාව එම සමාගමේ මුළු සේවක සංඛ්‍යාවෙන් 3.6%ක් පමණ වනවා. මේ අතර විඩීයෝ සන්නිවේදනයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සැලකෙන සූම් ආයතනය...
Read More »

Feb 08

ඊයේ දිනයට වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන්  

0 comments

ගතවු පැය 24ට ලොව පුරා රටවල් 229කින් කොරෝනා වෛරස ආසාදිතයින් එක්ලක්ෂ හැටදහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 868ක්. ඊයේ දිනයේ දී වැඩිම වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 41000කට අධිකයි. එමෙන්ම ඇමෙරිකාවෙන් හා තායිවානයෙන් 24000 බැගින් ද, බ්‍රසීලයෙන් 19000ක් හා දකුණු කොරියාවෙන් 17000ක් ලෙස වෛරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේ දී සිදු වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 329 වාර්තා වන්නේ...
Read More »

Feb 08

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 15,000 දක්වා ඉහළ යයි  

0 comments

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව මේ වන විට 15,000 ක් පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා රටවල් රැසකින් තුර්කියට හා සිරියාවට ආධාර හා සහන කණ්ඩායම් ලබාදී තිබෙනවා. ගලවා ගැනීමේ මෙහෙයම් අඛණ්ඩව ක්‍රියාත්මක අතර කාලය ගතවීමත් සමග සුන් බුන් තුල සිරව සිටින පිරිස් බේරාගැනීමට නොහැකි වනු ඇති බවටයි සහන කණ්ඩායම් අනතුරු අගවන්නේ. භූ කම්පනය සිදු වූ ප්‍රදේශයේ  විශේෂ සංචාරයකට ඊයේ දිනයේදී තුර්කි ජනාධිපති...
Read More »

Feb 08

තායිලන්තයේ ලිඳකට වැටුණු කුඩා ගැහැණු දරුවෙකු බේරා ගැනේ  

0 comments

තායිලන්තයේ ලිඳකට වැටුණු කුඩා ගැහැණු දරුවෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා. මියන්මාර දේශ සීමාවේ පිහිටා ඇති තායිලන්ත ගම්මානයකයි මෙය සිදුව ඇත්තේ. මීටර් 13ක් පමණ ගැඹුරු ලිඳකට මාස 19ක් වයසැති මෙම ගැහැනු දරුවා වැටී තිබෙනවා. ඇයගේ දෙමාපියන්  ඇයව එම ස්ථානයේ තබා ගොවිතැන් කටයුතු වල නිරතව සිටි ඇති අතර ඇය නොමැති බව දැන ගැනීමෙන් පසුව ඒ පිළිබඳ ගලවා ගැනීමේ අංශ වෙත දැනුම් දී තිබෙනවා. ඊයේ රාත්‍රීය පුරා සිදු කෙරුණු මෙහෙයුමකින් අනතුරුව...
Read More »

Feb 08

ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් එක්ලක්ෂ පනස්දහස ඉක්මවයි  

0 comments

ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 229කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 833 ක්. ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව හතලිස් එක්දහසකට අධිකයි. එමෙන්ම තායිවානයෙන් 23000ක්, ජර්මනියෙන් 19000ක් හා දකුණු කොරියාවෙන් 16000ක් ලෙස වෛරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවු පැය 24 දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. ඇමෙරිකාවෙන්...
Read More »

Feb 07

තුර්කි – සිරියා බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 8000කට ආසන්නයි  

0 comments

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 8000කට ආසන්න බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා මේ වන විට දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි. භූ කම්පනයෙන් 20000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 11000කට අධික සංඛ්‍යාවක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව ද සඳහන්. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉරානය හා ඉරාකය ඇතුලු ලොව පුරා රටවලින් ආධාර හා සහන කණ්ඩායම් තුර්කියට හා සිරියාවට...
Read More »

Feb 07

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව 4300 ඉක්මවයි  

0 comments

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව 4300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ඊයේ උදෑසන රිච්ටර් පරිමාණ ඒකක 7.9ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයකින් තුර්කියට සහ උතුරු සිරියාවට දැඩි බලපෑම් එල්ල වුණා. අනතුරුව රිච්ටර් පරිමාණ ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූ කම්පනයක් ද සිදුවු අතර පසුකම්පන රැසක් ද වාර්තා වු බවයි තුර්කි අපදා ඒජංසිය නිවේදනය කරන්නේ. සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා මේ වන විටත් සහන කණ්ඩායම්...
Read More »

Feb 07

ඊශ්‍රායල හමුදා සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන සටන්කාමීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායල හමුදා සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන සටන්කාමීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බටහිර ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මියගිය පුද්ගලයින් තම සංවිධානයට අයත් බව හමාස් සංවිධානය පවසනවා. ගාසා තීරයේ ක්‍රියාකාරී සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සිදුකිරීම මේ වනවිට ඉහළ දමා තිබෙනවා. කෙසේ වුවද ගාසා තීරයේ පාලන බලය පවතින්නේ හමාස් සංවිධානය...
Read More »

Feb 07

බෝයිං සමාගම රැකියා කප්පාදුවකට සුදානම් වෙයි  

0 comments

ගුවන් යානා නිෂ්පදනයේ ලොව දැවැන්ත සමාගමක් වන බෝයිං සමාගම රැකියා කප්පාදුවක් සිදු කිරීමට සුදානම්වනවා. යෝජිත රැකියා කප්පාදුව හරහා 2000කට පමණ රැකියා අහිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ. බෝයිං සමාගමේ මූල්‍ය හා මානව සම්පත් අංශවල සේවයේ නිරත සේවකයින් මෙලෙස ඉවත් කෙරෙනු ඇති. කෙසේ වුවද ඉංජිනේරු හා නිෂ්පාදන අංශයන්හි සේවකයින් ඉවත් කිරීමක් සිදු නොකරන බව ද එම සමාගම නිවේදනය කරනවා. පසුගිය වසර කිහිපය තුළදී බෝයිං සමාගම ගුවන් යානා නිෂ්පාදන කටයුතු වලදි...
Read More »

Feb 07

ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩු වීමක්  

0 comments

ලොව පුරා රටවලින් දෛනික වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාවේ පහළ යාමක් දක්නට ලැබෙනවා. ගත වු පැය 24ට ලොව පුරා රටවල් 229කින් හමුවී ඇති වෛරස ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ හත්දහස් තුන්සිය අසූපහක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 895ක්. ඊයේ දිනයේ දී වැඩිම වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 20000කට ආසන්නයි. එමෙන්ම තායිවානයෙන් 16000ක්,  ජපානයෙන් 15000ක් හා බ්‍රසීලයෙන් 9000ක් ලෙස වෛරස අසාදිතයින් හමුව තිබෙනවා. ...
Read More »

Feb 06

නිවාඩු දින අවලංගු කිරීමට විරෝධය පළකරමින් ඩෙන්මාර්කයේ දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවල  

0 comments

නිවාඩු දින අවලංගු කිරීමට විරෝධය පළකරමින් ඩෙන්මාර්කයේ දහස් සංඛ්‍යාත පිරිසක් වීථි බැස දැවැන්ත විරෝධතාවල නිරත වුණා. එරට රජය ගෙනා නව පනතක් මගින් රජයේ නිවාඩු අවලංගු කර තිබෙනවා. එහි අරමුණ වී ඇත්තේ ආරක්ෂක වියදම් ඉහළ නංවා ගැනීමයි. කෙසේ වෙතත් ඩෙන්මාර්ක් කම්කරු සංවිධාන පෙන්වා දෙන්නේ පාස්කු දිනයට පසුව යෙදෙන 4 වන සිකුරාදා දින ලබාදී ඇති නිවාඩුව අවලංගු කිරීම නීතිවිරෝධී බවයි. එය 1686 වසරේ සිට ක්‍රියාත්මක වන්නක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ...
Read More »

Feb 06

තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 500 ඉක්මවයි  

0 comments

තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පන්සියය ඉක්මවා තිබෙනවා. ගිනිකොනදිග තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් සිරියාව ඇතුළු අවට රටවල් රැසකට ද බලපෑම් එල්ලවුණා. තුර්කියේ පමණක් මියගිය සංඛ්‍යාව 284 ක් ලෙසයි වාර්තා වන්නේ. සිරියාවේ පුද්ගලයින් 237 දෙනෙකු ද භූ කම්පනයෙන් මියගොස් තිබෙනවා. රිච්ටර් පරිමාණ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය හටගත්තේ තුර්කි වේලාවෙන් අද අලුයම 4.17 පමණයි. මේ වනවිට පුද්ගලයින් 3,000ක් පමණ තුවාල ලබා...
Read More »

Feb 06

චීලි රාජ්‍යයේ ලැව් ගිනි වලින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

චීලි රාජ්‍යයේ ලැව් ගිනි වලින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගිම්හාන සෘතුව එළිඹීමත් සමග චීලි රාජ්‍යයට බලපා ඇති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලැව් ගිනි ව්‍යාප්ත වීම ශිග්‍ර වී තිබෙනවා. මේ වන විට දහසකට ආසන්න පිරිසක් ලැව් ගිනි හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පසුගිය සෙනසුරාදා එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කළා. ලැව් ගිනි නිවා දැමීම ඉතා අපහසු වී ඇති අතර තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින ...
Read More »

Feb 05

බිම හෙලූ චීන බැලූනයේ සුන්බුන් සොයා ඇමෙරිකා නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක්  

0 comments

ඇමෙරිකාව වෙඩි තබා බිම හෙලූ චීන බැලූනයේ සුන්බුන් සොයා ඇමෙරිකා නාවික හමුදාව මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබෙනවා. අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේ දී ගමන් කරමින් තිබූ මෙම බැලුනය ඇමෙරිකා හදුන්වන්නේ චීනයේ ඔත්තුබැලීමේ තවත් උපක්‍රමයක් ලෙසයි. එය පාසල් බස් රථ තුනක පමණ විශාලත්වයෙන් යුතු බව ඇමෙරිකාව ප්‍රකාශ කරනවා. එහි සුන්බුන් වර්ග කිලෝමීටර් 11ක ප්‍රදේශයක් පුරා පැතිර ඇති බවයි ඇමෙරිකා නාවික හමුදාව පෙන්වා දෙන්නේ. ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින්...
Read More »

Feb 05

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්  

0 comments

ගිනිකොන දිග තුර්කියට රිච්ටර් පරිමාණ ඒකක 7 දශම 8 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව තිබෙනවා. සිරියා දේශසීමාව ආසන්න ප්‍රදේශයකයි මෙම භූකම්පනය සිදුව ඇත්තේ. අද උදෑසන සිදුව ඇති භූකම්පනයේ ප්‍රබලත්වය තුර්කි අගනුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබද මේ වන තෙක් නිල වාර්තාවක් නිකුත්වී නැහැ. කෙසේ වුවද ගොඩනැගිලි කීපයක් කඩා වැටී ඇති අතර සුන්බුන් තුළ සාමාන්‍ය වැසියන් සිරව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන්...
Read More »

Feb 05

පාකිස්තාන හිටපු ජනපති පර්වේෂ් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි  

0 comments

පාකිස්තාන හිටපු ජනපති පර්වේෂ් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. පාකිස්තාන හිටපු ජනාධිපති ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ් අභාවප්‍රාප්ත වන විට 79 වන වියේහි පසුවුණා. ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ් 1999 දී හමුදා කුමන්ත්‍රණයක් මගින් පාකිස්තානයේ බලය ලබා ගත් අතර 2001 / 2008 කාලය තුළ පාකිස්තාන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළා. හිටපු ජනාධිපතිවරයා මියගොස් තිබෙන්නේ ඩුබායිහි තිබෙන රෝහලක දී වන අතර ඔහු 2016 සිටම ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියා. හිටපු ජනාධිපතිවරයා...
Read More »

Feb 05

ඇමෙරිකාව චීන බැලූනය බිම හෙළයි  

0 comments

ඇමෙරිකාව චීන බැලූනය වෙඩි තබා බිම හෙලීමට කටයුතු කළා. දින 3ක් තිස්සේ ඇමෙරිකා ගුවනේ පාවෙමින් තිබු චීන බැලුනය වෙඩි තබා බිම හෙළීමට ඇමෙරිකාව කටයුතු කළා. ජෙට් යානා භාවිතයෙන් මිසයිල එල්ල කිරීම තුළින් බැලූනය බිම හෙළීමට ඇමෙරිකානු ගුවන් හමුදාව කටයුතු කළා. බැලූනය බිම හෙළන අවස්ථාවේදී එය අත්ලාන්තික් සාගරයට ඉහළින් ගමන් කරමින් තිබු බව වාර්තා වනවා. මේ වන විට කඩා වැටුණු බැලුනයේ කොටස් හෙවීම සඳහා මෙහෙයුම් සිදු කෙරෙනවා. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය...
Read More »

Feb 04

ඉලෝන් මස්ක් නඩුවකින් නිදහස්  

0 comments

ඉලෝන් මස්ක් වංචාවක් සම්බන්ධයෙන් වූ නඩුවකින් නිදහස්ව තිබෙනවා. ලෝකයේ සිටින ධනවත් මිනිසුන්ගෙන් දෙවැනියා වන ඉලෝන් මස්ට එරෙහිව නඩු විභාගයක් සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවතුණා. ඒ 2018 දී ඉලෝන් මස්ක් සිදුකළ ට්වීටර් සමාජ මාධ්‍ය ජාලය හරහා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ඒ ඔහු සතුව තිබෙන ටෙස්ලා සමාගම පුද්ගලික සමාගමක් බවට පත් කිරීමට තමන් හට අරමුදල් ඇති බව ප්‍රකාශ කරමින්. කෙසේ වෙතත් මේ ප්‍රකාශයෙන් පසුව ටෙස්ලා සමාගමේ කොටස් මිල වෙනස් වීම එම කාලයේදී...
Read More »

Feb 04

කැනඩාවට සහ උතුරු ඇමෙරිකාවට දැඩි ශීත කාලගුණයක්  

0 comments

කැනඩාවට සහ උතුරු ඇමෙරිකාවට දැඩි ශීත කාලගුණයක් බලපාන බව වාර්තා වනවා. සති අන්තයේදී කැනඩාවේ සහ උතුරු ඇමෙරිකාවේ ප්‍රාන්තවලට දැඩි ශීත කාලගුණයක් බලපානු ඇති බව ඇමෙරිකා කාලගුණ විද්‍යා අංශය පවසනවා. ආක්ටික් මහද්වීපයෙන් පැමිණෙන ශීත කුණාටුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි සදහන් වන්නේ. මේ හේතුවෙන් සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක පහළවේ සිට තිස්පහ දක්වා ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය පහත වැටෙනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල...
Read More »

Recent News

Gossip Lanka MAG