Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙදීම් පසෙකලා සංවර්ධිත ලෝකයක් ගොඩනැගීමට දායකත්වය ලබාදෙන්න  

Add comments

බෙදීම් පසෙකලා එක්ව කටයුතු කර සංවර්ධිත ලෝකයක් ගොඩනැගීමට දායකත්වය ලබාදෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජී විස්ස රටවල විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජී විස්ස රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුව පසුගිය සතියේදී ඉන්දියාවේ පැවති අතර එහිදී එකඟතාවකට පැමිණීමට එම අමාත්‍යවරුන් සමත් වූයේ නැහැ. අනතුරුව අද ජී විස්ස රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ආරම්භ වූ අතර එය අමතමිනුයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ.

ගෝලීය වශයෙන් රටවල් බෙදී වෙන් වී ඇති අතර ඔවුන් සියල්ලගේ වගකීම ලොව බලවත් රටවල් භාරගත යුතු බව නරේන්ද්‍ර මෝදි මෙහිදී පෙන්වා දී තිබෙනවා. අද ආරම්භ වූ සමුළුවේදී රුසියා යුක්රේන යුද ගැටුම් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

 

 

The post බෙදීම් පසෙකලා සංවර්ධිත ලෝකයක් ගොඩනැගීමට දායකත්වය ලබාදෙන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG