ජෙනින් අවතැන් කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාර මාලාවකින් පලස්තීන වැසියන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙම ප්‍රහාර මාලාවට මිසයිල ප්‍රහාර කිහිපයක් ද ඇතුළත්. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 13 ක් බවයි වාර්තා වන්නේ. බටහිර ඉවුරේ පිහිටි ජෙනින් අවතැන් කඳවුර සාමකාමී ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ. එම අවතැන් කදවුර අවට ඊශ්‍රායල සන්නද්ධ රථ කිහිපයක් ද ගමන්කරමින් තිබූ බව අවතැන් කදවුරේ වැසියන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. රොකට් ප්‍රහාර 10 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කිරීමට ඊශ්‍රාලය කටයුතු කර තිබෙනවා.
පසුගිය ජුනි 21 වනදා ඊශ්‍රාලය එල්ල කළ මෙවැනිම රොකට් ප්‍රහාර මාලාවකින් 7 දෙනෙකු මිය ගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබුවා.
The post පලස්තීන කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාර – තුන් දෙනෙකු මරුට appeared first on ITN News.
Post a Comment