ඊශ්‍රායලයේ අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් එරට ටෙල් අවිව් අගනුවර දැවැන්ත විරෝධතා ක්‍රියාත්මකයි.
ටෙල් අවිව් අගනුවර කැප්ලාන් චතුරශ්‍රයේ පැවති විරෝධතා සඳහා ලක්ෂ තුනකට ආසන්න පිරිසක් සහභාගිවී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඊට විරුද්ධවයි මෙම විරෝධතා ක්‍රියාත්මක වන්නේ.
මෙම සතියේ විරෝධතා උත්සන්න කරන බව විරෝධතාකරුවන් සඳහන් කරනවා.
අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වමින් පැවැත්වෙන විරෝධතා ක්‍රියාත්මක වන්නේ 26 වන සතියටයි.
The post අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලයේ දැවැන්ත විරෝධතා appeared first on ITN News.
Post a Comment