ට්විටර් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දිනකට පරිශීලනය කළ හැකි පොස්ට් සංඛ්‍යාව සීමාකර තිබෙනවා.
ට්විටර් ගිණුම් හිමියන්ට පනවා ඇති මෙම සීමාවන් තාවකාලික බවයි ඉලෝන් මස්ක් නිවේදනය කරන්නේ.
ඒ අනුව තහවුරු කළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පෝස්ට් දසදහසක සංඛ්‍යාවක් පරිශීලනය කළ හැකි වනවා.
එමෙන්ම තහවුරු නොකළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පරිශීලනය කළ හැකි වන්නේ පෝස්ට් දහසක සංඛ්‍යාවක් පමණයි.
නව සීමාවන් පැනවීම සම්බන්ධයෙන් නිවේදනය කර පැය කිහිපයකට පසුව මෙය ක්‍රියාත්මකවීම විශේෂත්වයක්.
පෞද්ගලික දත්තයන් අනිසිභාවිතය හා පද්ධති බිඳවැටීම මගහරවා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි ඉලෝන් මස්ක් පවසන්නේ.
The post Twitter භාවිත කරන්නන්ට දිනකට පරිශීලනය කළ හැකි පොස්ට් සංඛ්‍යාව සීමාකරයි appeared first on ITN News.
Post a Comment