Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශගුණ විපර්යාසයන්ට මුහුණදීමේදී ජී-20 කණ්ඩායම වගකීම් සහගත විය යුතු බව චීනය පවසයි  

Add comments

දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේදී ජී-20 කණ්ඩායම වඩාත් වගකීම් සහගතව කටයුතු කළ යුතු බව චීනය අවධාරණය කරනවා.

පසුගිය දා ජී-20 කණ්ඩායමේ පරිසර හා දේශගුණ පිළිබඳ ඇමතිවරුන්ගේ ඒකාබද්ධ සමුළුව ඉන්දියාවේ චෙන්නායි හිදී පැවැත්වුණා.

එහිදී දේශගුණ විපර්යාසයන්ට අදාළ වැදගත් කරුණුවලදී චීනය බාධා ඇති කළ බව ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ඊයේ මාධ්‍ය අමතමින් අදහස් දැක්වූවා.

ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කළේ කිසිදු පදනමක් නැති අසත්‍ය තොරතුරු බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

චෙන්නායි හි පැවති සමුළුව යම් සක්‍රීය ප්‍රතිඵලයක් ලබාගෙන ඇතත් ඇතැම් රටවල් භූ දේශපාලන ගැටළු ඉස්මතු කරමින් සමුළුවට බාධා කළ බැවින් අවසානයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නොහැකි වී තිබෙනවා.

මේ පිළිබඳ කණගාටුව පළ කරමින්, චීන විදේශ අමාත්‍යාංශය කියා සිටින්නේ ගෝලීය තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යමින් දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේදී ජී-20 කණ්ඩායම සතුව වැදගත් වගකීමක් ඇති බවයි.

දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේදී සංවර්ධිත රටවල් තමන් සතුව ඇති හැකියාවන්, වගකීම්, යුතුකම් පිළිබඳ නිවැරදි ආකල්පයක් තිබිය යුතු ය.

සංවර්ධිත රටවල් සිය වායු විමෝචනය අඩු කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට පොරොන්දු වූ සහය ලබා දිය යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

The post දේශගුණ විපර්යාසයන්ට මුහුණදීමේදී ජී-20 කණ්ඩායම වගකීම් සහගත විය යුතු බව චීනය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG