Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේපාලයේ නීත්‍යානුකූලව විවාහ වූ පළමු සංක්‍රාන්ති ලිංගික යුවල  

Add comments

නේපාලයේ නීත්‍යානුකූලව විවාහ වූ පළමු සංක්‍රාන්ති ලිංගික යුවල බවට පුද්ගලයන් දෙදෙනෙක් ඉතිහාසගත වී තිබෙනවා.

මෙලෙස විවාහ වී තිබෙන්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන Monika Shahi Nath සහ ඇගේ සැමියා  Ramesh Nath Yogi යි.

ඔවුන්ගේ විවාහය නීත්‍යානුකූලව පසුගියදා බටහිර නේපාලයේ Dadeldhura හි දී ලියාපදිංචි කර තිබෙනවා.

මෙම විවාහය සාර්ථකව ලියාපදිංචි කිරීමෙන් පසු Monika Shahi Nath කත්මන්ඩුහි පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වා තිබුණා.

ඒ අනුව ඇය පවසා ඇත්තේ ඇගේ විවාහය ලියාපදිංචි කිරීමේ අරමුණ නීතිමය වෙනස්කම් කිරීමට නේපාල රජය අවදි කිරීම බවයි.

එමෙන්ම ඇය මෙන්ම අනෙක් අයට ද ඔවුන් ආදරය කරන පුද්ගලයා සමඟ විවාහ වීමට අයිතිය තිබිය යුතු බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

The post නේපාලයේ නීත්‍යානුකූලව විවාහ වූ පළමු සංක්‍රාන්ති ලිංගික යුවල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG