සූර්යයා වෙත සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම දියත් කිරීමට ඉන්දියාව සූදානම් වනවා.
ආදිත්‍ය එල් වන් නමැති ඉන්දීය රොකට්ටුව එරට වේලාවෙන් අද පෙරවරු 11.50ට මෙම මෙහෙයුම ආරම්භ කිරිමට නියමිතයි.
ඒ ශ්‍රී හරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්.
පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක් දුරින් පිහිටා ඇති සූර්යා වෙත ගමන් කිරීම මේ අනුව සිදුවනවා.
මෙම ගමන සඳහා මාස 4ක කාලයක් ගතවන බවයි ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරන්නේ.
ඉන්දියාව මෙම මෙහෙයුම නම් කර ඇත්තේ සූර්යාගේ හින්දු දෙවියන් වන ආදිත්‍ය යන නමිනුයි.
The post සූර්යයා වෙත සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම දියත් කිරීමට ඉන්දියාව සූදානම් appeared first on ITN News.
Post a Comment