ස්පාඤ්ඤයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ජීවිත අහිමිවී තිබෙනවා.
පසුගිය දින කීපය පුරා ස්පාඤ්ඤයට ඇදහැලුනු අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගත්තා. මහාමාර්ග ජලයෙන් යටවී ඇති අතර මැඩ්රිඩ්, කැටලෝනියා හා වෙලන්සියා යන ප්‍රදේශයන්හි ජනතාව නිවාස තුළට කොටුවී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් බවද වාර්තා වනවා. නිවාස තුළ සිරව සිටින ජනතාව මුදාගැනීම සදහා සහන කණ්ඩායම් යොදවා තිබෙනවා. හටගත් හදිසි ගංවතුරට හසුවූ මෝටර් රථ ජලයේ ගසාගෙන යන ආකාරය ද මාධ්‍ය වාර්තා කළා.
The post ස්පාඤ්ඤයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දෙදෙනෙකු මරුට appeared first on ITN News.
Post a Comment