උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් රුසියාවේ විශේෂ සංචාරයක නිරත වීමට සුදානම් බව ඇමෙරිකාව නිවේදනය කරනවා.
උතුරු කොරියා නායකයාගේ රුසියා සංචාරය අතරතුර දී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ යුක්රේන යුද මෙහෙයුම් සදහා අවශ්‍ය ආයුධ ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ඇමෙරිකාව සදහන් කරන්නේ. යුක්රේනයේ යුද මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට මෙම විශේෂ සංචාරය උතුරු කොරියා නායකයා සිදුකරන බවට ඇමෙරිකාව චෝදනා කරනවා.
කෙසේ වුව ද සංචාරය සිදුකරන දිනය හා සාකච්ඡා පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් ඇමෙරිකාව සදහනක් කර නැහැ. මේ අතර ඇමෙරිකාවේ නිවේදනය සම්බන්ධයෙන් උතුරු කොරියාව හෝ රුසියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
The post උතුරු කොරියා නායකයා රුසියාවේ විශේෂ සංචාරයකට සුදානම් බව ඇමෙරිකාව කියයි appeared first on ITN News.
Post a Comment