ස්මාර්ට් නව අන්තර් න්‍යෂ්ටික මිසයිල පද්ධතිය මෙහෙයුම් සඳහා එක් කරගෙන ඇතැයි රුසියාව නිවේදනය කරනවා.
රුසියා අභ්‍යවකාශ ඒජන්සියේ යූරි බොරිසොව් පවසන්නේ රුසියාවේ සතුරන්ට තම තර්ජන පිළිබඳ දැන් දෙවරක් සිතා බැලීමට සිදු වන බවයි.
ටොන් දහයක බරැති හිසක් සහිත මෙම මිසයිලය උත්තර ධ්‍රැවයේ හා දක්ෂිණ ධ්‍රැවයේ ඇති ඕනෑම ඉලක්කයකට සාර්ථව එල්ල කළ හැකි බවයි රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් මීට පෙර ප්‍රකාශ කළේ.
රුසියා අවි ගබඩාවේ ඇති දියුණු අවි කිහිපයෙන් එකක් ලෙසයි මෙය සැලකෙන්නේ.
The post ස්මාර්ට් නව අන්තර් න්‍යෂ්ටික මිසයිල පද්ධතිය මෙහෙයුම් සඳහා එක් කරගෙන ඇතැයි රුසියාව කියයි appeared first on ITN News.
Post a Comment