Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ආහාර මිල ගණන් ඉහළ යාම ගෝලීය ආහාර දාමයට බලපායි  

Add comments

ඉන්දිය ආහාර මිල ගණන් සියයට 11 කින් ඉහළ ගොස් තිබෙනවා.
වසර 100 කට ආසන්න කාලයක් තුළ මුහුණපෑ දරුණුතම දේශගුණ තත්වය ඊට හේතුවයි.

පරිප්පු මිල ගණන් සියයට 20 කටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර ලූණු මිල ද ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ලූනු සඳහා සියයට 40 ක බද්දක් ද පනවා තිබෙනවා.

බාස්මතී නොවන සුදු සහල් අපනයනය හදිසියේ තහනම් කළ ඉන්දියාව තිරිඟු පිටි අපනයනය ද දැනටමත් තහනම් කර අවසන්.

සීනි අපනයනය ද තහනම් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි ඉන්දිය ආර්ථික විශේෂඥයින්  ප්‍රකාශ කර තිබුණා.

ඉන්දියාව යනු පසුගිය දශකය තුළ ලොව විශාලතම සහල් අපනයනකරු වන අතර ගෝලී්ය වෙළඳපොලෙන් සියයට 40 ක් ඔවුන් සතුයි.

ලොව දෙවන විශාලතම සීනි සහ ලූනු අපනයනකරුද ඉන්දියාවයි.

ගෝලීය කෘෂි වෙළඳාමේ ප්‍රධානම රටක් වන ඉන්දියාවේ ආහාර මිල ගණන් ඉහළ යාම ගෝලීය ආහාර දාමයට ද බලපෑම් කරනු ඇති බවටයි විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර තිබෙන්නේ.

The post ඉන්දියාවේ ආහාර මිල ගණන් ඉහළ යාම ගෝලීය ආහාර දාමයට බලපායි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG