නැගෙනහිර තායිවානයේ 3000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
ඒ සුළි කුණාටුවක අවදානමක් හේතුවෙන්.
හයිකුයි ලෙස නම්කර ඇති සුළි කුණාටුව පැයට කිලෝමීටර 140ක වේගයෙන් හමා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තායිවානයේ අභ්‍යන්තර ගුවන් ගමන් 200ක් පමණ අවලංගු කිරීමට ද පියවර ගත් බව බලධාරීන් පවසනවා.
ඉදිරි දින දෙකේ දී පාසල් සහ කාර්යාල ද වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.
වසරකට පසු තායිවානයට බලපාන දරුණුම සුළි කුණාටුව මෙය විය හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
The post තායිවානයට සුළි කුණාටුවක අවදානමක් appeared first on ITN News.
Post a Comment