යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් ධුරයෙන් ඉවත්කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යවරයාව ධුරයෙන් ඉවත් කළ බව යුක්රේන ජනාධිපති ව්ල්දෝමියර් සෙලෙන්ස්කි නිවේදනය කළා. රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සිට ඔලෙක්සි රෙස්නිකොව් එරට ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවනවා. කෙසේ වුව ද රුසියාවේ ප්රහාරයන්ට සාර්ථකව මුහුණදීම සදහා නව මුහුණුවරක් ලබාදීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යවරයාව ඉවත් කළ බවයි යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ.
නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය දේපළ අරමුදලේ ප්‍රධානී රුස්ටම් උමෙරොව් නම්කර තිබෙනවා.
The post යුක්රේන ආරක්ෂක ඇමති ඉවත් කරයි appeared first on ITN News.
Post a Comment