එළඹෙන ජී 20 සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගී නොවීම පිළිබඳ තමන් කළකිරීමට පත්ව සිටින බව ඇමෙරිකා ජනපතිවරයා පවසනවා.
චීන ජනාධිපති ෂි ජින් පින්ග් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ජී 20 රටවල සමුළුවට සහභාගී නොවන බව දන්වා තිබෙනවා. මේ පිළිබද අදහස් පළ කරමිනුයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මේ බව ප්රකාශ කර ඇත්තේ. චීන ජනාධිපතිවරයා වෙනුවට සමුළුව නියෝජනය කරන්නේ චීන අග්රාමාත්ය ලී කර්චීයැන්ග්. චීන ජනාධිපතිවරයා නොපැමිණීම පිළිබද කළකිරීමකින් පසු වුව ද කෙසේ හෝ ඔහු හමුවීම අපේක්ෂාව බව ජෝ බයිඩ්න් ප්රකාශ කර තිබෙනවා.
මීට පෙර නායක දෙපළ මුණගැසුනේ පසුගිය වසරේ ඉන්දුනිසියාවේ පැවති සමුළුවක් අතරතුරයි.
The post ඇමෙරිකා ජනපති කළකිරීමෙන් appeared first on ITN News.
Post a Comment