තායිවානයට බලපා ඇති හයිකුයි චන්ඩ මාරුතයෙන් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
චණ්ඩමාරුතය හේතුවෙන් හමායන අධික සුළං නිසා ගස් කඩා වැටීමෙන් සිදුවූ අනතුරුවලින් මොවුන් තුවාල ලබා තිබෙනවා. ඊයේ සිට තායිවානයේ නැගෙනහිර මුහුදු තීරයට දැඩි වර්ෂාතනයක් හට ගෙන තිබෙනවා. වසර 4කට පසුවයි මෙවැනි වර්ෂාධික කාලගුණික තත්ත්වයක් තායිවානයට බලපා ඇත්තේ.
නිවාස එක්ලක්ෂ හැට දහසකට විදුලිය ඇනහිට ඇතැයි වාර්තාවනවා. කෙසේ වෙතත් බරපතල හානි කිසිවක් වාර්තා වන්නේ නැහැ. මේ වසරේදී බටහිර පැසිපික් කලාපය ආශ්රිතව මෙවැනි චණ්ඩමාරුත 11ක් හටගෙන තිබෙනවා.
The post තායිවානයට බලපා ඇති හයිකුයි සුළි කුණාටුවෙන් 40 දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.
Post a Comment