Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනි අවි තුනක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධී ගිනි අවි තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. ඒ අම්බලන්ගොඩ වතුගෙදර ප‍්‍රදේශයේදීයි.

වැටලීම සිදුකළේ කලුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසිනි. සැකකරුවන් ගාල්ල හා මොරොන්තුඩුව පොලිස් වසම්වලදී සිදුකළ අපරාධ රැසකට සම්බන්ධ බවට හෙළිව තිබෙනවා. අවුරුදු 21 ක් වයසැති ඔවුන් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර මෙරට නිෂ්පාදිත ගිනිඅවි තුනක්, පතුරොම් 5 ක්, කාර් රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදියක් මෙන්ම දුරකථන කාඩ්පත් 41 ක් ද ඔවුන් ළඟ තිබී සොයා ගැණුනා. සැකකරුවන් කලුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG