දේශගුණික විපර්යාසවලට එරෙහිව කටයුතු කරන රටවල් සදහා වසර 05 ක් පුරා ඇමෙරිකා ඩොලර් බිලියන දෙසියක ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.
ගෝලීය කාලගුණ වෙනස පිළිබද සමුළුවක් පෝලන්තයේදී ඊයේ පැවැත්වුණා. සමුළුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරුන් 04 දෙනෙකුද එක්ව සිටියා. ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීමට සියලු රටවල කැපවීම අනිවාර්ය බවයි එහිදී තීරණය වුණේ. 2030 වසර වන විට සියයට 45 කින් අහිතකර වායු පරිසරයට මුදා හැරීම පාලනය කර ගැනීමට අසමත් වුවහොත් පෘතුවිය දැඩි පාරිසරික අර්බුදයකට ලක් විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ. ඉදිරි වසර දෙක තුළ මේ සදහා ගන්නා ක්‍රියාමාර්ග වඩා තීරණාත්මක වනු ඇතැයි ඔවුන් කියා සිටිනවා.
Post a Comment