Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය වසර තුළ ලාදුරු රෝගීන් 1683 ක්  

Add comments

ලෝක ලාදුරු දිනය ජනවාරි 27 යෙදී තිබුණි. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කයන්හි ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වී තිබෙනවා.

බස්නාහිර පළාතෙන් අලුතින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 41‰ ක් වෙයි. රෝග ලක්ෂණ මතු වී මාස 6කට වඩා ප්‍රමාද වී ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන සංඛ්‍යාව 30‰ ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පහවඩන මහත්මිය ප්‍රකාශ කළා.

ලාදුරු යනු බැක්ටීරියාවකින් බෝවන නිදනිගත රෝගයකි. ශ්වසන මාර්ගයෙන් නිකුත්වන ආසාදිත බිඳිති මඟින් රෝගය ව්‍යාප්ත වන බව ද සොයාගෙන ඇත. නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ හැකිය. පසුගිය වර්ෂ 10 තුළ වාර්ෂිකව නව රෝගීන් 2000 බැගින් වාර්තා විය. 2018 වසරේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 26 පුරා පුද්ගලයින් 1683 දෙනෙක් අලුතින් රෝගීන් ලෙස හඳුනාගෙන ඇත.

2018දී අලුතින් හඳුනාගත් රෝගීන්ගෙන් 41‰ක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර ඒම සංඛ්‍යාව 691කි. ඒසේම 2018දී වැඩිම රෝගීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

වයස අවුරුදු 15ට අඩු ළමා රෝගීන්ගේ ප්‍රතිශතය 9.5‰ ක් වශයෙනි. ළමා රෝගීන් වැඩිපුර වාර්තා වූ දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර ය. වර්තමානයේ හඳුනා ගන්නා රෝගීන්ගේ රෝග ලක්ෂණ මතුවීමෙන් පසු මාස 6කට වඩා ප්‍රමාද වී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් ප්‍රමාණය 30‰ ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG