බේරක්සිට් ගිවිසුම නියමිත වේලාවට භාරදෙන බව අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ සඳහන් කර තිබෙනවා.
ඒ පිළිබද සාකච්ඡා කිරීම සඳහා බ‍්‍රසල්ස් නුවරට යළි පැමිණෙන බව ද තෙරේසා මේ සඳහන් කළා. නව අදහස් සහ තීන්දු සමඟ සාකච්ඡාවට පැමිණීම අරමුණ බවයි ඇය ප‍්‍රකාශ කර තිබෙන්නේ. අයර්ලන්ත දේශසීමා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පසුගිය අඟහරුවාදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ද අවධානයට ලක්වුණා. එභෙත් අයර්ලන්ත නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයට චෝදනා එල්ල කර තිබෙනවා. යුරෝපා සංගමය ගිවිසුම පිළිබද යළි සලකා බැලීමක් සිදුනොකරනු ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.
Post a Comment