ශ්‍රී ලංකාවේ ජාතික දිනය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සුබ පැතුම් පළ කර තිබෙනවා.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයිකල් පොම්පෙයෝ මහතා සදහන් කරන්නේ ශ්‍රී ලංකාව සමග ඇති සබැදියාව තර කර ගැනීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය කැපවීමකින් කටයුතු කරන බවයි. ඉන්දු පැසිපික් කලාපයේ දෙරටටම පොදු වූ කරුණු පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පද්ධතියක් යටතේ වඩාත් තහවුරු කර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරන බවද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ නිවේදනයේ සදහන්. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය සහ ව්‍යවස්ථානුකූල ක්‍රියාවලිය රටේ අනාගතය සම්බන්ධයෙන් ශක්තිමත් පදනමක් බවයි ඇමෙරිකා එක්සත් ජනපදය පෙන්වා දෙන්නේ. දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමටත් සමෘද්ධිය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමටත් එක්ව කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානමින් සිටින බව ද රාජ්‍ය ලේකම්වරයාගේ නිවේදනයේ දැක්වෙනවා.
Post a Comment