Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පතෝල අපනයන වගා ව්‍යාපෘතියෙන් සාර්ථක ප්‍රතිඵල  

Add comments

වයඹ පළාත කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කර ඇති පතෝල අපනයන වගා ව්‍යාපෘතියෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. තම ආදායම ද ඉහළ ගොස් ඇති බවයි ගොවීන් පවසන්නේ.

කෘමිනාශක හා රසායනික පොහොර භාවිතයෙන් තොරව කාබනික පොහොර පමණක් යොදා ගනිමින් වගා කෙරෙන පතෝල විදෙස් වෙළෙඳපොලට යැවීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි. වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයේ මෙම වගා ව්‍යාපෘතිය ආරම්භ කළේ ගොවීන් රැසකගේ සහභාගීත්වය ඇතිවයි. කෘමි උවදුර මැඩපැවැත්වීමට කෘමි ප්‍රතිවිරෝධී දැල් යොදාගැනීම ඇතුළු ක්‍රම කිහිපයක් මෙහිදී භාවිතයට ගැණෙනවා. වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම හා අපනයන වෙළෙදපොල හදුන්වාදීම ද සිදුවන්නේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්.

විදේශීය වෙළෙදපොල ඉලක්කකර ගනිමින් මෙම වගාවට යොමුවී සිටින ගොවීන්ට ආර්ථික වශයෙන් වාසි රැසක් ලැබෙන බවයි මෙම ගොවීන් පවසන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG