Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමෙන් පිළිකාව වලක්වාගත හැකියි  

Add comments

අවධානයෙන් සිටීමෙන් සහ නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමෙන් පිළිකා රෝගය වළක්වා ගැනීමට හැකි බව  පිළිකා මර්දන වැඩසටහහෙන් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙනවා.

අදට යෙදෙන ලෝක පිළිකා දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයකයි මේ බව සදහන් කෙරුණේ. ලොව පුරා පසුගිය වසරේදී පිළිකා රෝගීන් මිලියන 18 යි දශම එකක් වාර්තා වී තිබෙනවා. ඉදිරි විසි වසර තුළදී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 29 යි දශම පහක් දක්වා ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙන්නේ. වායුදූෂණ, ජල දූෂණය, කෘෂි රසායන, දුම්කොළ, දුම්වැටි සහ බුලත් විට භාවිතය පිළිකාවලට ප්‍රධාන හේතුවක් ලෙස හදුනාගෙන තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර – අධ්‍යක්ෂ- පිළිකා මර්දන වැඩසටහන,

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG