Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැරයන් එස්.එස්. විජේකුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත ජනපති ශෝකය පළ කරයි  

Add comments

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ සේවයේ යෙදී සිටිය දී දිවි පිදූ සැරයන් එස්.එස්. විජේකුමාර මහතාගේ මෑණියන්, බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සාතිශය සංවේගය පළ කළේය.

පොල්පිතිගම ප්‍රදේශයේ පිහිටි සැරයන් විජේකුමාර මහතාගේ නිවසට අද (03) දහවල් ගිය ජනාධිපතිතුමා එම පවුලේ සාමාජිකයන් හමු වී තොරතුරු විමසීය.

රණවිරුවන් දෙදෙනාගේ දේහයන් හෙට(04) දිවයිනට රැගෙන ඒමට නියමිත අතර එම කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී විමසා බැලීය.

පාරලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී.බී.ඒකනායක, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG