උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
කොටගල දුම්රිය ස්ථානයේදී ඉන්ධන ප‍්‍රවාහන ටැංකියක් පීලි පැනීමකට ලක්වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා.
ඛණිජ තෙල් සංස්ථාවේ කොටගල ගබඩාවේ නිලධාරින් සහ සේවකයන් එම ඉන්ධන ඉවත් කර ගැනීමෙන් පසු දුම්රිය පීලි ගතකිරිම් අවසන් කර තිබෙනවා.
මේ අතර සති අන්ත දීර්ඝ නිවාඩුව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. උදෑසන 7.30ට කොළඹ කොටුවෙන් ගමන් කරන එම දුම්රිය දහවල් 12.30 ට හැටන් දුම්රිය ස්ථානයට ළඟා වනවා. එය නානුඔයට පැමිණෙන්නේ පස්වරු 1.30ට. යළි නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා පස්වරු 5ට දුම්රිය ගමන් ආරම්භ කරනවා.
Post a Comment