සාලිය වැව ප‍්‍රදේශයේ අතුරුදන් වූ දැරියගේ මව සහ මිත්තණිය පොලිස් භාරයේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරන බව මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
පසුගිය 29 වනදා සිට දැරිය අතුරුදන්ව ඇති බවටයි ඇයගේ මව පොලිසියට පැමිණිළි කළේ. ඒ අනූව පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළා. සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලදී දැරිය ඝාතනය කර කලා වැවට දැමූ බවට දැරියගේ මව පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා. නාවික හමුදා කිමිදුම්කරුවන් දැරියගේ සිරුර සොයා කලා වැවේ මෙහෙයුම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පෙලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.සිද්ධිය පිළිබඳ සාලිය වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Post a Comment