Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ළඟා වෙයි  

Add comments

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ළඟා වුණා. ඒ පාප් වහන්සේ නමක් එරටට පැමිණි පළමු අවස්ථාව සටහන් කරමින්.

අබුඩාබි ගුවන් තොටුපලට පැමිණි උන් වහන්සේ ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් බින් සයාද් කුමරු විසින් පිළිගත්තා. අන්තර් ආගමික සමුළුවකට මෙන්ම හෙට පැවැත්වෙන දේව මෙහෙයට ද පාප් වහන්සේ සහභාගී වීමට නියමිතයි.

යේමනයේ පවතින යුද වාතාවරණය පිළිබඳ උන් වහන්සේ කණස්සල්ල පළකර තිබෙනවා. යේමන් ජනතාව දිගු කාලීන ගැටුමකින් වෙහෙසට පත්ව සිටින බවයි උන් වහන්සේ පෙන්වා දුන්නේ.බොහෝ දරුවන් කුස ගින්නෙන් පීඩා විදිමින් සිටිය ද ආහාර රැගෙන යාමේ මාර්ග වසා දැමීම නිසා මතුව ඇති තත්ත්වය පිළිබඳ පාප් වහන්සේ පැහැදිලි කළා. ඔවුන්ගේ හඩ දෙවියන් වහන්සේ ඇසෙනු ඇති බවයි පාප් වහන්සේ ප‍්‍රකාශ කර තිබෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මිලියනයකට වැඩි කතෝලික ජනතාවක් වාසය කරනවා. ඔවුන්ගෙන් බහුතරය පිලිපීන හෝ ඉන්දීය ජාතිකයන්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG