මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එරාවුර් වන්දාරමුල්ල ප්‍රදේශයේ දීයි මෙම යතුරුපැදි දෙක එකිනෙක ගැටී තිබෙන්නේ. අනතුරත් සමග යතුරුපැදි දෙක ගිනි ගෙන ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධියෙන් මියගිය පුද්ගලයින් තිදෙනා ද පිළිස්සීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. තුවාල කරුවන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුල්කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.
Post a Comment