රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සදහා අප්‍රේල් 02 වනදා සිට නව රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ වැලිකඩ මංසන්ධියෙන් කොටා පාර වෙත පැමිණ ඒ ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කෙරෙනවා. ඒ අනුව රාජගිරිය ගුවන් පාලම අසල බස්නැවතුම වෙනුවට කොටා පාරේ පිහිටි බස්නැවතුම යොදා ගැනෙනවා. එමෙන්ම ආයුර්වේද මංසන්ධියේ පාර්ලිමේන්තු මාර්ගයේ ඇති බස් නැවතුම වෙනුවට ආයුර්වේද රෝහල ඉදිරිපිට බස් නැවතුම යොදා ගැනනෙවා.
මෙම නව රථවාහන සැළැස්ම අප්‍රේල් මස 02 වනදා සිට ක්‍රියාත්මක බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සදහන් කළේ.
Post a Comment