Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යොවුන් පුර නිරීක්ෂණයට අගමැති එක්වෙයි  

Add comments

වීරවිල යොවුන් පුරය නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (29)සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

යොවුන් පුර නගර සභාවට පැමිණි අගමැතිවරය, මෙවර යොවුන් පුර කඳවුරෙහි පැවැත්වෙන දෙවන සභා වාරයෙහි පැවැති අවස්ථාවට ද සහභාගී වූවේ ය.ඉන් පසුව සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සකසා තිබූ කදවුරු වෙත ගිය අගමැතිවරයා, හා සම්භාවනීය අමුත්තන් යොවුන් පුර වැසියන් විසින් පිළිගනු ලබීය.

මීට අමතරව මෙම යොවුන් පුරය තරුණ තරුණියන් ට නව අවස්ථාවන් උදා කර දෙන්නක් වන අතර එය අදවන විට සැබෑවක් වී ඇති බවද යොවුන් පුර පුරපති සසංක බදුගේ මහතා අග්‍රාමාත්‍යවරයා යොවුන් පුර නගර සභාවට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.මෙලෙස තාරුණ්‍යයට නව අරුතක් එක් කිරීම වෙනුවෙන් අගමැතිතුමා ගේ මෙම යොවුන් පුර සංකල්පයට තමා ස්තූතිවන්ත වන බවද බදුගේ මහතා තව දුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට නිවස ඉදිකිරීම් හ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා , වරාය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා , ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ මහතා ඇතුලු පිරිසක් එක්විය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG