Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් අවුරුද්දට වස විසෙන් තොර ආහාර රැගෙන යන්න  

Add comments

වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී විවෘත කෙරුණා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී විවෘත කෙරුණ වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය අනිද්දා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. එය විවෘත කළ ජනාධිපතිතුමා එහි කටයුතු නිරීක්ෂණය කළා. අලුත් අවුරුද්දට වස විසෙන් තොර ආහාර රැගෙන යාමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාකර දෙමින් ආරම්භ කළ මෙහි ප්‍රදර්ශන කුටි මගින් ක්ෂේත්‍ර ගණනාවක දැනුම ලබා දීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික මහ සභාව සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපාකාර සමිතිය මගිනුයි මෙම ජාතික පොළ හා ප්‍රදර්ශනය සංවිධාන කර ඇත්තේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG