Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති LP ගෑස් අන්තර් නැව්ගත කිරීමේ පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක  

Add comments

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  හම්බන්තොට වරායේ ඉදිකෙරුණු ලාෆ්ස්,  එල්පී ගෑස්, අන්තර් නැව්ගත කිරීමේ පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

මෙම අති නවීන එල්. පී. ගෑස් අන්තර් නැව්ගත කිරීමේ පර්යන්තය දකුණු ආසියාවේ විශාලතම එල් පීගෑස් අන්තර් නැව්ගත කිරීමේ පර්යන්තයයි. ආසියානු කලාපයටම සේවාව ලබා දෙන එල්පී ගෑස් කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම පර්යන්තය හැදින් විය හැකියි. නව රැකියා අවස්ථා රැසක් උත්පාදනය කරමින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දීමට මෙමගින් හැකියාව උදාවනවා.

මෙමගින් 2020 වර්ෂයේදි දේශීය අපනයන වටිනාකමින් සියයට දෙකයි දශම පහක දායකත්වයක් ලබාදීම අපේක්ෂාවයි. එහි නිරීක්ෂණ චාරිකාවට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන් සමඟ සුහද කතාබහක ද නිරත වුණා. මෙහි ප්‍රතිලාභ පිළිබදව අග්‍රාමාත්‍යවරයා සමඟ අදහස් හුවමාරු කර ගැනිමට එම  නිලධාරීන් මෙහීදි කටයුතු කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG