Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොසැම්බික් රාජ්‍යයයේ කොළරා වසංගතය දරුණු වෙයි  

Add comments

මොසැම්බික් රාජ්‍යයයේ ප්‍රදේශ කිහිපයකින් කොළරා රෝගය වාර්තා වී තිබෙනවා. පසුගියදා එරටට බලපෑ ඉඩායි සුළිකුණාටුව හේතුවෙන් විපතට පත්ව අවතැන් කදවුරුවල සිටින්නන් මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවයි පැවසෙන්නේ.

මොසැම්බික් රාජ්‍යයෙන් කොළරා රෝගීන් එකසිය තිහකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සදහන්. රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ මොසැම්බික් රාජ්‍යයේ බෙයිරා නගරයෙනුයි. අපවිත්‍ර ජලය භාවිතය මෙලෙස කොළරා රෝගය වැඩිවශයෙන් ව්‍යාප්ත වීමට හේතුව බව හදුනාගෙන තිබෙනවා. පවතින තත්ත්වයත් සමග එම පිරිසට  එන්නත් ලබා දීමේ  වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන් කොළරා රෝග ව්‍යාප්ත වීම පාලනය කිරීමට හැකි වන බවයි අපේක්ෂා කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG