මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
එරට රජු වෙත මෙම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව සඳහන්. මේ සඳහා කිසිඳු හේතුවක් මේ වන තෙක් හෙළි වී නැහැ. නව රජයක් පිහිටුවීම සඳහා මෙසේ ඉල්ලා අස්වීම ලබා දෙන්නට ඇති බවයි දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ. මහතීර් මොහොමඩ් මේ වන විට 94 වන වියෙහි පසුවනවා. සන්ධාන ආණ්ඩුවක් බිහිකර එහි අපේක්ෂකයා ලෙස අන්වර් ඊබ්‍රහම් ඉදිරිපත් කරනු ඇති බවටද පැවසෙනවා.
The post මැලේසියා අගමැති මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි appeared first on ITN News.
Post a Comment