පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬ පට පරීක්ෂාවට අදාළ වාර්තාව කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා.
ආන්දෝලනාත්මක හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව එම හඬ පට රංජන් රාමනායක මහතාගේ ද යන්න පිළිබදව රජයේ රස පරීක්ෂකවරයා පරීක්ෂණ සිදු කළා. ඊට අදාළ වාර්තාව ලබාදීමට අධිකරණයේ අවසරය සහිත ලිපියක් ඉදිරිපත් කරන ලෙස රස පරීක්ෂකවරයා අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබෙනවා. ඒ අනුවයි ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ. 2015 ජනවාරි පළමුවනදා සිට 2019 දෙසැම්බර් 31 වනදා දක්වා රංජන් රාමනායක මහතාගේ දුරකතන ඇමතුම්වලට අදාළ හඩ පට 141 ක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාමනායක මහතා ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
The post රන්ජන්ගේ හඬපට වාර්තාව කොළඹ අපරාධ කොට්ඨාශයට appeared first on ITN News.

Post a Comment