මෙරට කොරෝනා වෛරසය පාලනය සඳහා චීන රජය රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
කොරෝනා වෛරසය රටතුළ පැතිර යාම පාලනය කිරීමට හා එම උවදුර රටින් තුරන් කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය සංවිධානාත්මක වැඩපිලිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. එහිදී සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට චීන රජය රුපියල් මිලියන 211කට අධික වටිනාකමින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය හා ආරක්ෂිත උපකරණ තොගයක් ලබා දීමට කටයුතු කළා. ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූවෙයි මහතා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත අදාළ පරිත්‍යාග භාරදුන්නා. කොරෝනා මර්දනයට චීනය ගත් ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් ද ආමාත්‍යවරියට භාරදුන්නා. ලොව බලවත් රාජ්‍යයක් වන චීනය ශ්‍රී ලංකාවට දීර්ඝකාලීනව උදව් ලබා දෙන මිතුරෙක් බව එහිදී ප්‍රකාශ කළ අමාත්‍යවරිය චීනය ලබා දෙන උපකාරවලට ශ්‍රී ලංකාවේ ස්තූතිය ද පළකළා.
The post චීන රජයෙන් රුපියල් මිලියන 211කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් appeared first on ITN News.
Post a Comment