මේ වන විට දිවයින පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනවා. නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කදවුරු වෙත ගෙන්වා ගැනීම පහසු වන පරිදී මෙසේ ඇඳිරිනීතිය පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
කොළඹ , ගම්පහ ,කළුතර , පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය හෙට අලුයම 5.00 ඉවත් කර රාත්‍රී 8.00 යළි පැනවෙනවා. කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි මස 4 වන දා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අත්‍යවශ්‍ය සේවා හැරුණු විට වෙනත් කිසිඳු කටයුත්තක් සඳහා නිවෙස්වලින් බැහැර නොවන ලෙසයි රජය ජනතාවට දැනුම් දෙන්නේ. ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ එය කඩකරන්නන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ගෙවී ගිය පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 220 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 75ක්. මාර්තු මස 20 වනදා සිට අද දිනය දක්වා ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 40,095 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. එම කාලය තුළ රථවාහන 10332ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. කොරෝනා උවදුර පිටුදැකීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සෑම පාර්ශ්වයකම සහාය අපේක්ෂා කෙරෙනවා. එමෙන්ම ජනතා යහපත වෙනුවෙන් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය කඩ නොකරමින් කොරෝනා මර්දන වැඩපිළිවෙලට සහාය දැක්වීම සියලු දෙනාගේ වගකීම බවයි රජය අවධාරණය කරන්නේ.
The post දිස්ත්‍රික්ක 4ක් හැර අනෙක් ප්‍රදේශවල ඇඳිරිනීතිය හෙට උදේ 5ට ලිහිල් කෙරේ appeared first on ITN News.
Post a Comment